මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර
පසුගිය 2018 වසරේ දෙසැම්බර් 22 හා 25 අතර කාලයේ මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප්රමාණයකට හානි කළ සිද්ධියේ සැකකරුවන් මැයි මස 20 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්ත්රාත් උපුල් රාජකරුණා මහතා ඊයේ (6) නියෝග කළේය.
කෑගල්ල රක්ෂිත බන්ධනාගාරයේ සිට විශේෂ ආරක්ෂාව යටතේ බන්ධනාගාර බස් රථයකින් මාවනැල්ල දිසා මහෙස්ත්රාත් අධිකරණය වෙත සැකකරුවන් 13 දෙනා රැගෙන ආහ.
එම සැකකරුවන් වනුයේ, මාවනැල්ල දෙල්ගහගොඩ හිගුල පදිංචි මොහොමඩ් අලුෆර් අෂ්ෆාන්, මොහොමඞ් ෆයිසර් මොහොමඞ් මුෆ්ති, දෙල්ගහගොඩ, හිගුල, මාවනැල්ල පිදිංචි මොහොමඩ් අක්බර් මොහොමඩ් මුතිෆ්, අංක 24 ඒ, දෙල්ගහගොඩ හිගුල පදිංචි මොහොමඩ් සුෆියාස් හුසේන් ඉර්ෂාඩ්, අංක 46/2 සී, කෙහෙල්වත්ත, හිගුල, මාවනැල්ල පදිංචි මොහොමඩ් අස්වර් අතීක් අහමඩ්, අංක 22, අලුත්නුවර පාර, හිගුල, මාවනැල්ල පදිංචි මොහොමඩ් කලීල් මොහොමඩ් අකිත්, අංක 46/4 පී, දනාගම, මාවනැල්ල පදිංචි නජිබුදීන් මොහොමඩ් ෆවුසාන්, අංක 401/1 රිවර් සයිඩ් කලුගමුව, ගෙලිඹය පදිංචි මොහොමඞ් අෆාර්දීන් ෆයාස් අහමඩ්, අංක 123/1, තඹාල, පොළොන්නරුව පදිංචි මොහොමඩ් මුස්තාපා මොහොමඩ් ෂයාස්, මාවනැල්ල දෙල්ගහගොඩ පදිංචි රෂිඩ් මොහොමඩ් ඊබ්රාහිම්, අංක 101 ඩී, දනාගම, මාවනැල්ල පදිංචි මොහොමඩ් අස්ලම් අකිල් අහමඩ්, අංක 84/06 නාවලපිටිය පාර, උලපනේ පදිංචි අබ්දුල් ජබාර් බදුර්දීන්, අංක 84/06 නාවලපිටිය පාර, උලපනේ පදිංචි ඉසදීන් සිත්ති නසීරා යන කාන්තාවද ඒ අතර වෙයි.
එම 13 දෙනාට අමතරව පසුගිය දා පාස්කු ඉරු දින ප්රහාර මාලාවේ නායකත්වය දැරූ සහරාන් හෂිම්ගේ ප්රධාන පෙළේ ගෝලයන් දෙදෙනෙක් මෙන්ම මාවනැල්ල අවට බුදු පිළිම කැඩිමේ සිද්ධියේ ප්රධාන සැකකරුවන් ලෙස පසුගිය සතියේ ගම්පොළ පාවහන් වෙළෙඳ සැලකින් අත්අඩංගුවට ගත් මාවනැල්ලේ දනාගම පදිංචි එකම නිවසේ අයියා සහ මල්ලි වන මොහොමඩ් ඉබ්රාහිම් සාහිඩ් අබ්දුල් හක් සහ මොහොමඩ් සාදික් අබ්දුල්ලා යන සැකකරුවන් දෙදෙනා අද මාවනැල්ල අධිකරණය වෙත රැගෙන එනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු සහගතව සිටියත් එය සිදු නොවීය.
මෙ වන විට ඔවුන් කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගනිමින් ප්රශ්න කරන බවත් ඔවුන්ගෙන් තවත් කරුණු හෙළි වෙමින් පවතින හෙයින් ඉදිරි දිනයක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට හැකි වනු ඇති බව රජයේ නිතීපති දෙපාර්තමේන්තුවේ නිලධාරියා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා මහෙස්ත්රාත්වරයාට දන්වා සිටි අතර, එහිදි මහෙස්ත්රාත්වරයා ඒ සඳහා කොපමණ කාලයක් ගත වේදැයි එම නිලධාරින්ගෙන් විමසා සිටි අතර ඒ සඳහා ගත වන කාලය ඔවුන්ට පැවසීමට නොහැකි බවත් පරීක්ෂණය කටයුතු අවසන් වූ වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද පැවසීය.
නව අදහස දක්වන්න