ලංකා සෝතෝ කාන් කරාතේ දෝ පිල ශූරතාව දිනයි | දිනමිණ


 

ලංකා සෝතෝ කාන් කරාතේ දෝ පිල ශූරතාව දිනයි

අඹන්පොල විශේෂ සකුන්තලා ජයසිංහ

සමස්ත ලංකා කරාතේ තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ලංකා සෝතෝ කාන් කරාතේ දෝ සංගමය ඉකුත්දා සමත් විය.

කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගාවලියට කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසක් පමණ සහභාගි වුහ. එහීදී පදක්කම් 162ක් ලබා ගනිමින් ලංකා සෝතෝ කාන් කරාතේ දෝ සංගමය මේ ජය ලබා ගැනීමට සමත් විය.

ඉතාලි ජාතික ගයිතානෝ පිෂානෝ ආචාර්යවරයාගේ ප්‍රධානත්වයෙන් මේ තරගාවලිය පැවැති අතර ලංකා සෝතෝ කාන් කරාතේ දෝ සංගමයේ ප්‍රධාන උපදේශක ෂෙහාන් කමල් එදිරිසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ කාථා සහ කුමිතෝ යන දෙංශයෙන් ම ඉහළ දක්ෂතා පෙන්වීමට සමස්ත ශූරතාව දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වුහ.

ගල්ගමුව බුදුරුවකන්ද ම.ම.වි, කත්නෝරුව ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලය, දේවගිරිපුර කරාතේ පුහුණු මධ්‍යස්ථානය, මහව විජයබා ජාතික පාසල, බලල්ල මහා විද්‍යාලය, අඹන්පොල ම.ම.වි, පළාපත්වල ශ්‍රීමත් හෙන්රි ඕල්කට් විද්‍යාලය, දළදාගම ප්‍රාථමික විද්‍යාලය සහ ඇහැටුවැව බණ්ඩාරනායක ජාතික පාසලෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් ලංකා සෝතෝ කාන් කරාතේ දෝ සංගමය නියෝජනය කරති.

 

නව අදහස දක්වන්න