එච්.ජී. ක්‍රිකට්-බැංගලෝර් ජැකසන්ද්‍රා තරගාවලිය ජය පැරදුමක් නෑ | දිනමිණ


 

එච්.ජී. ක්‍රිකට්-බැංගලෝර් ජැකසන්ද්‍රා තරගාවලිය ජය පැරදුමක් නෑ

ඩිල්වින් මෙන්ඩිස් - මොරටුව ක්‍රීඩා

සංචාරක පාදුක්ක එච්. ජී. ක්‍රිකට් විදුහල් කණ්ඩායමත්, බැංගලෝර් හි ජැකසන්ද්‍රා නේවාසික අන්තර් ජාතික කණ්ඩායමත් අතර බැංග්ලෝර් හී ජැකසන්ද්‍ර පිටියේදී පැවති විස්සයි20 තරග ද්විත්වයෙන් එක් තරඟයක් ජය ගැනීමට සංචාරක එච්. ජී. කණ්ඩායම සමත්වූ අතර අනෙක් තරඟයේ ජය ජැකසන්ද්‍රා නේවාසික විදුහල් කණ්ඩායමට හිමිවිය.

පළමු තරගය

ජැකසන්ද්‍රා නේවාසික විදුහල් පිල - 128/6 (ඕවර 20) එම්. චානුක්යා 46, අඩිතාරිකා 27 (හිරුෂාන් 2/26, ඩිල්පහන් දැඩිගමුව 2/28)

එච්. ජී. ක්‍රිකට් පුහුණු පාසල - 129/3 (ඕවර 16.4) තරිඳු ඕෂධ නොදැවී 51, රචිත නොදැවී 33 (ලොචාන් බලාජි 1/13)

දෙවැනි තරගය

ජේන් අන්තර් ජාතික පාසල - 97/4 (ඕවර 20) එම්. චානුක්යා 37, ආදිත් නොදැවී 25යි.

එච්. ජී. ක්‍රිකට් පුහුණු පාසල - 90/8 (ඕවර 20) හේෂාන් කාවින්ද 53 ( එම්. චානුක්යා 2/25, අකිතේශ් 2/16, ලොචාන් බාලජි 2/10)

ඡායාරූපය - ඩිල්වින් මෙන්ඩිස්

නව අදහස දක්වන්න