දාහය නිවාදමන පුත්තලමේ තල් | දිනමිණ


 

දාහය නිවාදමන පුත්තලමේ තල්

වනාතවිල්ලුව කේ.ප්‍රියංකර

මේ දිනවල පුත්තලම දිස්ත්‍රික්කයම වෙලාගනිමින් පවතින අධික අව් රශ්මිය සහ දැඩි නියං තත්ත්වය හේතුවෙන් මිනිසුන්ට සිය දෛනික කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීමට නොහැකිවී තිබේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින අධික නියං තත්ත්වය නිසාවෙන් මේ වන විට උග්‍ර පානීය ජල හිඟයක් මෙන්ම විශාල වැව් සහ කුඩා වැව් රැසක ජල මට්ටම සීඝ්‍ර ලෙස පහළ බසිමින් තිබීම නිසාවෙන් ජනතාවගේ දිය නෑම් කටයුතු සඳහාද අවශ්‍ය ජලය සොයා ගැනීමට නොහැකිව ඔවුහු දැඩි අපහසුතාවට ලක්ව ඇති බව කියති.

මේ හේතුන් නිසා ජනතාව මේ දිනවල අව්වෙන් දැඩි ලෙස පීඩා විඳීම දැක ගැත හැකිය ඒ සදහා සීත අධික ආහාර සොයන මොවුන් තල් නොන්ගු (තල් කුරුම්බා) කදිම ආහාරයක් බවට පත් කරගෙන සිටීම මෙහි ඇති විශේෂත්වයක්ව තිබේ.

මේ දිනවල පුත්තලම කොළඹ මාර්ගයේ ස්ථාන කිහිපයක විශාල වශයෙන් තල් ලොන්ගු අලෙවිය ඉතාමත් ජනප්‍රිය වී ඇති අතර, දිනකට තල් නොන්ගු 1000ක් 1500ක් අතර අලෙවි වන බව අලෙවි කරුවෝ පවසති.

නව අදහස දක්වන්න