අන්තර් ආගමික සාම මණ්ඩල හදා ජනතා විශ්වාසය තහවුරු කරමු | දිනමිණ

අන්තර් ආගමික සාම මණ්ඩල හදා ජනතා විශ්වාසය තහවුරු කරමු

චන්දිමා කරුණාරත්න

අන්තර් ආගමික සාම මණ්ඩල පිහිටුවා ජනතාව අතර විශ්වාසය වර්ධනය කිරීමට කටයුතු කළ යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ. උන්වහන්සේ මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැඳුරේ දී ඊයේ (6) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

පණතක් ගෙනැවිත් අන්තර් ආගමික සාම මණ්ඩල පිහිටුවන්න කටයුතු කරන්න කියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කළා. රටේ පොදු ප්‍රශ්න වල දී අන්තර් ආගමික සාම මණ්ඩලයක් සහ ප්‍රාදේශීය මට්ටමින් සහ පළාත් මට්ටමින් මෙවැනි සාම මණ්ඩල පිහිටුවීම පාර්ලිමේන්තුවේ පණතක් මඟින් ස්ථීර කර පසුව සෑම ගමකම අන්තර් ආගමික සාම මණ්ඩල පිහිටුවා ජනතාව අතර සුහදතාව වර්ධනය කරන්න කටයුතු කළ යුතුයි. සුහදතාව ශක්තිමත් කිරීමට අවශ්‍යයි. ජනතාව අතර සුහදතාව ගොඩනඟන්න පුළුවන් වන්නේ විශ්වාසය ගොඩනඟන තරමටයි. විශ්වාසය වර්ධනය කරන්න පුළුවන් වන්නේ මෙවැනි මණ්ඩල පිහිටුවා රැස්වීම් පවත්වා ඒවායින් අපේ ප්‍රශ්න නිරාකරණය කිරීමට කටයුතු කිරීම හරහායි. ඒනිසා ස්ථීර වැඩසටහනක් ලෙස මෙවැනි දෙයක් කරන එක හොඳයි කියා මම විශ්වාස කරනවා.

කිතුනු ජනතාව තව තවත් දෙවුපියාණන්ට සමීප වෙමින් උන්වහන්සේ පෙන්වා දුන් ධර්මානුකූල ජීවිතයට අවතීර්ණ වෙමින් තමන්ගේ දේව විශ්වාසය හා ගරුත්වය රැකගෙන තමන්ගේ නිවෙස් වල සිට රටේ සාමය ආරක්ෂා කර දෙන ලෙස දෙවිඳුන් යදින්න කියාත් දෙවුමවුන්ට ජපමාලය උච්චාරණය කරන්න කියාත් ඉල්ලා සිටිනවා.


නව අදහස දක්වන්න