මීගමුව කෝලාහලය බීමත් පිරිසකගේ වැඩක් | දිනමිණ

මීගමුව කෝලාහලය බීමත් පිරිසකගේ වැඩක්

විජයානි එදිරිසිංහ සහ රක්ෂණ ශ්‍රියන්ත

මීගමුව ප්‍රදේශයේ පෙරේදා ඇති වූ සිද්ධිය බීමත්ව කලහකාරි ලෙස හැසිරුණු පිරිසක් කළ එකක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

පොලිස් අධිකාරිවරයා තවදුරටත් එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ මීගමුව කටාන කොච්චිකඩේ පෝරුතොට යන ප්‍රදේශවල ජනතාව අතර මුහුදු බඩ පදිංචිව සිටින පිරිසක් මෙම ගැටුම ආරම්භ කර ඇති බවත්ය.

ත්‍රිරෝද රථයකට පහරදීම යතුරු පැදි දෙකකට අලාභහානි කිරීම සහ කලහකාරි ලෙස හැසිරීම යන හේතු සම්බන්ධයෙන් පොලීසිය මගින් සැකපිට තුන්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අවස්ථාව වන විට ආරක්ෂක අංශ එම ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කරයි.

සිද්ධියේ දී සුළු පහරදීම් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත්, ජීවිත හානි හෝ එවැනි බරපතළ හානි කිසිවක් සිදු වී නැති බවත් ගුණසේකර මහතා පැවසීය.

මෙම ගැටුම නිර්මාණය කිරීමට සහ එය දුර දිගගෙනයාමට උත්සාහ කළ පුද්ගලයන් තිදනකු සොයා ගෙන ඇත. මේ අතර තමන් සඟවාගෙන තිබෙන කඩු, කිනිසි ආදිය යම් පුද්ගලයකු සතුව තිබේ නම් ඒවා ළඟම ඇති පොලීසිය වෙත බාරදීමට පැය 48ක කාලයක් ලබා දී තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.


නව අදහස දක්වන්න