මැණික් පතලකට වැටී පුද්ගලයෙක් මරුට | දිනමිණ

මැණික් පතලකට වැටී පුද්ගලයෙක් මරුට

නිවිතිගල, දොලොස්වල, පහලගෙදර වත්ත ප්‍රදේශයේ දී පතලක් කපමින් සිටි පුද්ගලයෙකු එම පතලට වැටී බරපතල තත්ත්වයෙන් වතුපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත. 
 
ඊයේ(06) සවස 3.30ට පමණ මෙය සිදුව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වූ රත්නපුර, මල්වල ප්‍රදේශයේ පදිංචි අයෙකි. 
 
අදාළ ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් නිසි බලපත්‍ර බලපත්‍ර සහිතව පතල් කැපීම් සිදු කර ඇති බවට අනාවරණය වී ඇත. 
 
නිවිතිගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ. 
 

නව අදහස දක්වන්න