N.T.J කොළඹ දිස්ත්‍රික් සංවිධායක යළි රිමාන්ඩ් | දිනමිණ

N.T.J කොළඹ දිස්ත්‍රික් සංවිධායක යළි රිමාන්ඩ්

තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයා යැයි පැවසෙන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නමැත්තා යළි ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකරු අද පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

අතිරේක මහේස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් නියෝග කළේ සැකකරුට එරෙහිව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන්න ලෙසයි.


නව අදහස දක්වන්න