යාපනයේ උප කුලපති ධුරයෙන් ඉවතට | දිනමිණ

යාපනයේ උප කුලපති ධුරයෙන් ඉවතට

යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපති රත්නම් විග්නේෂ්වරන් එම ධුරයෙන් ඉවත් කර තිබේ.

විශ්ව විද්‍යාල පාලක සභාව සඳහන් කළේ ඊට අදාල ලිපිය මේ වන විට විශ්වවිද්‍යාලයට ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් විග්නේෂ්වරන් එම ධුරයෙන් ඉවත් කළ ද නව උපකුලපති ලෙස කවුරුන් පත් කරන්නේද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් දැනුවත් කර නැහැ.

මේ අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මොහාන් ද සිල්වා සදහන් කලේ, අද දහවල් නව උප කුලපතිවරයෙකු පත් කරනු ඇති බවය.


නව අදහස දක්වන්න