එක්සත් රාජධානියේ මිත්‍රත්වයේ දෑත් | දිනමිණ

එක්සත් රාජධානියේ මිත්‍රත්වයේ දෑත්

පසුගියදා මෙරට සංචාරක නිරතවූ එක්සත් රාජධානියේ ආරක්ෂක හා ආර්ථික අපරාධ පිළිබඳ අමාත්‍ය බෙන් වොලේස් මෙරට සංචාරක කර්මාන්තය යළි පණ ගැන්වීමට පොරොන්දු විය.

‘අපගේ වත්මන් සංචාරක මඟපෙන්වීම පිළිබඳව මා සාකච්ඡා කර ඇති අතර, ශ්‍රි ලංකා සංචාරක කර්මාන්තය පූර්ණ ශක්තිය කරා ආපසු ගෙනයාමට අප බලාපොරොත්තු වෙනවා ’

ශ්‍රි ලංකාවේ බලධාරීන්ට මේ සඳහා උපකාර කිරීමට හැකි සෑම දෙයක්ම කරන්නෙමු ’ යනුවෙන් ඩේවිඩ් වොලෙෂස් සංචාරය අතරතුර පවසා තිබේ.

වොලස් මහතා මෙම සංචාරය අතරතුරදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, රජයේ ඇමතිවරුන්, යුද හමුදා සහ ආගමික නායකයින්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ද හමු වී තිබේ.

‘අහිංසක වන්දනාකරුවන්ට සහ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරය , සංහිඳියාව හා සාමය නැතිකිරීමට ගත් උත්සාහයක් වන අතර එය සාර්ථක වීමට ඉඩ නොතැබිය යුතුයැයි වෝල්ස් වැඩිදුරටත් පැවසාතිබේ.

‘ ශ්‍රි ලංකාව සහ එක්සත් රාජධානිය අනාධිමත් කලෙකක පටන් මිතුරන් වන නිසාම , යාළුවෝ එකිනෙකාට සහයෝගය දියයුතුයි.එක්සත් රාජධානිය වෙනුවෙන් එම සහයෝගය ලබා දීමට සහ ශ්‍රි ලාංකික ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට මා සංචාරය කළෙමි.හෙතෙම පවසා තිබේ.

නව අදහස දක්වන්න