මෙරට ප්‍රථම වරට දත් සිටුවීම ගැන ජගත් සමුළුවක් | දිනමිණ

මෙරට ප්‍රථම වරට දත් සිටුවීම ගැන ජගත් සමුළුවක්

මෙරට දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකාවේ පළමු වරට දත් සිටුවීමේ ක්‍රමවේදය ‘ඉම්ප්ලාන්ට්’ (Implant) පිළිබඳ අන්තර්ජාතික සමුළුවක් (1st International Dental Implant Symposium) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දී පසුගියදා අති සාර්ථක ලෙස පැවැත්විණි.

දන්ත වෛද්‍ය සේවාවන් සපයන ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන NucleOSS Dental Implants සහ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ මහනුවර ශාඛාව එක්ව සංවිධාන කරන ලද මේ සමුළුව සඳහා අදාළ ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් බහුල විදෙස් රටවල් රැසක කීර්තිමත් දේශකයෝ රැසක් ද, දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා සහ ක්ෂේත්‍රයේ නම් දරා සිටින කීර්තිමත් දන්ත ශල්‍ය වෛද්‍යවරුද එක්ව සිටියහ.

අහිමි වූ දතක් වෙනුවට ස්වභාවික දතකට බොහෝ දුරට සමාන කෘත්‍රිම දතක් සවි කිරීම සඳහා යොදාගන්නා Dental Implant ක්‍රමවේදය දන්ත වෛද්‍ය විද්‍යාවේදී ලොව පුරා රටවල දශක ගණනාවක් භාවිත කරන්නක් වුවද එය මෙරටට හඳුන්වා දෙන ලද්දේ මෑතකදීය. මේ ක්‍රමවේදය ශ්‍රී ලංකාවෙහි භාවිත කිරීම ආරම්භ වීමත් සමඟ මෙරට දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති වූ බව සමුළුවේදී ප්‍රකාශ කෙරිණි.

 


නව අදහස දක්වන්න