ෆෙයාෆස්ට් අත්වැලක් වීමට සූදානම් | දිනමිණ


 

ෆෙයාෆස්ට් අත්වැලක් වීමට සූදානම්

ෆෙයාෆැක්ස් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රේම් වට්සා මහතා, ශ්‍රී ලංකාවේ පසුගියදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර වලින් විපතට පත්වූවන්ට සිය සාතිශය සංවේගය පළකර සිටී.

“මේ ඛේදනීය සිදුවීම මා බරපතළ කම්පනයකට ලක්කර ඇත. මිතුරෙකු, පියෙකු හා සැමියෙකු ලෙස පමණක් නොව පොදුවේ මනුෂ්‍යයෙකු ලෙස, ලොව පුරා විසිරී සිටින්නා වූ ෆෙයාෆැක්ස් සාමාජික සාමාජිකාවන් වෙනුවෙන්, මේ මොහොතේදී මගේ කනගාටුව මම ඔබ වෙත මෙලෙස පළකර සිටිමි. ඔබටත් සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටත් යළිත් කිසිදිනෙක මෙවන් විපතක් නොවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.” ප්‍රේම් වට්සා මහතා ෆෙයාෆස්ට් කාර්ය මණ්ඩලය වෙත යොමුකළ පණිවිඩයක දැක්වේ.

ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් යනු, ප්‍රේම් වට්සා මහතා සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ජාත්‍යන්තර ෆෙයාෆැක්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමකි. ලොව ප්‍රමුඛ පෙළේ රක්ෂණ, ප්‍රතිරක්ෂණ හා ආයෝජන කළමනාකරණ සමාගමක් වන එහි ප්‍රධාන කාර්යාලය කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පිහිටා ඇත.

“ඉදිරියේදී විපතට පත්වූවන්ට තවදුරටත් අත්වැලක් වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ෆෙයාෆැක්ස් සමූහය අපේක්ෂා කරයි. ඒ සඳහා නුදුරු අනාගතයේදී ෆෙයාෆස්ට් කණ්ඩායම සමග සමීපව සම්බන්ධ වී කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.” ප්‍රේම් වට්සා මහතාගේ පණිවිඩයේ වැඩිදුරටත් දැක්වේ.

“රක්ෂණ වෘත්තිකයන් ලෙස අපට නිතරම පෞද්ගලික දුක් සන්තාපයන් අමතක කරමින් ගනුදෙනුකරුවන් වෙත උපරිම මට්ටමින් සේවාවන් සැපයීමට සිදුවනවා. මෙය ජනතාවට සහනයක් අවැසිම මොහොතකදී ලබාදෙන අත්වැලක් බව අපගේ විශ්වාසයයි.” ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී සංජීව් ජා මහතා පැවසී ය.

නව අදහස දක්වන්න