මෙක්සිකෝ ජනපතිට ඉල්ලා අස්වන්නැයි ජනතාව වීදි බසී | දිනමිණ


 

මෙක්සිකෝ ජනපතිට ඉල්ලා අස්වන්නැයි ජනතාව වීදි බසී

මෙක්සිකෝ ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ඉල්ලමින් එරට ජනතාව විරෝධතාවක නිරතව සිටී. අනද්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රදොර් මෙක්සිකෝවේ 58 වන ජනාධිපතිවරයා ලෙස පත්වුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. එම ධුරයට පත්වී මාස පහක් වැනි කෙටි කාලයක් තුළ ඔහුට ජනතා විරෝධයක් පැන නැගීම විශේෂත්වයක් වන අතර ඔබ්‍රදොර්ට එරෙහිව මෙක්සිකෝ සිටි අගනුවර පැවැත්වෙන විරෝධතාව සඳහා හය දහසක පමණ පිරිසක් එක්වී සිටිති.

විරෝධතාකරුවන්ගෙන් බහුතරය සුදු පැහැයෙන් සැරසී සිටින ආකාරයත් එහිදී දැකගත හැකිවන අතර රටේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති බවට විරෝධතාකරුවෝ චෝදනා කරති. එමෙන්ම මෙක්සිකෝ සිටි අගනුවර නව ගුවන් තොටුපොළේ ඉදිකිරීම් අවලංගු කිරීම සහ රාජ්‍ය තෙල් සමාගමක මූල්‍ය ගැටලු කිහිපයක් ද මේ විරෝධතාවට මුල් වී ඇත.

මීට සමගාමීව තවත් නගර කිහිපයකදී ද විරෝධතා පැවැත්වෙන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

නව අදහස දක්වන්න