ස්ලෝනිට විශිෂ්ට ජයක් | දිනමිණ


 

ස්ලෝනිට විශිෂ්ට ජයක්

ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල හිටපු නොම්මර එකේ ක්‍රීඩිකා බෙලරුසියාවේ වික්ටෝරියා ඇසරෙන්කා පරාජය කරමින් මැඩ්රිඩ් විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් ක්‍රීඩිකාවන් 16 අතරට සුදුසුකම් ලැබීමට අමෙරිකාවේ ස්ලෝනි ස්ටීවන්ස් සමත්වූවාය.

ඇසරෙන්කා හමුවේ මීට පෙර පැවැති තරග 3ක්ම පරාජයට පත්ව සිටි ස්ලෝනි පෙරේදා වාර්තා කළේ මේ තරගාවලියේ පිට පිට ලැබූ සිවුවැනි ජයග්‍රහණයයි.

වත්මන් ශ්‍රේණිගත කිරිම්වල අටවැනි තැන පසුවන 26 හැවිරිදි මේ අමෙරිකානු ක්‍රීඩිකාව තරගය ජයගත්තේ ලකුණු 6-4ක්, 2-6ක් සහ 6-2ක් වශයෙනි.

පැය දෙකකුත්, මිනිත්තු 6ක් පුරා ඇදී ගිය මේ තරගයේ පළමු වට දෙක නිමාවනවිට දෙදෙනාම එක වටය බැගින් ජයගෙන සිටියත්, තීරණාත්මක වටය ජයගැනීමට ස්ලෝනි සමත්වූයේ විස්මිත අයුරිනි.

නව අදහස දක්වන්න