ගේල්ට උසස්වීමක් | දිනමිණ

ගේල්ට උසස්වීමක්

මේ මස 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ උප නායකයා ලෙස පත්කර තිබේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදිමට සැරසෙන ගේල් පවසා සිටියේ මෙය තමාට ලොකු ගෞරවයක් බවයි. ‘මෙය මට විශාල ගෞරවයක්. කණ්ඩායම නියෝජනය කිරීමට ලැබුන අවස්ථාව ඉතා විශේෂයි, ජ්‍යෙෂ්ඨයෙක් ලෙස නායකයාට උදව් කිරීම මගේ වගකීම. මෙය ලොකුම ලෝක කුසලානය වෙවි’ යැයි පැවසු ඔහු කියා සිටියේ තම ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් උපරිමය කිරීමට කටයුතු කරන බවයි.

1999 වසරේ ජාත්‍යන්තර එක්දින පිටියට පිවිසි 39 හැවිරිදි ගේල් මේ වනවිට තරග 289කට ක්‍රීඩා කරමින් ලකුණු 10151ක් රැස්කරගෙන ඇත්තේ ශතක 25ක් සහ අර්ධ ශතක 51ක් සමගිනි.

2007-2010 කාලය තුළ කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඔහු, එහිදී තරග 53කින් 17ක ජය කොදෙව්වන්ට හිමිකර දුන්නේය.

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් ගේල්ට, කොදෙව් කණ්ඩායම අයර්ලන්තය සහ බංග්ලාදේශය සමගින් අයර්ලන්තයේදී සහභාගීවන තුන්කොන් එක්දින තරගාවලිය අහිම තිබේ. එම තරගාවලියේදී කණ්ඩායමේ උප නායකයා ලෙස ශායි හෝප් කටයුතු කරයි.

කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙස ජේසන් හෝල්ඩර් කටයුතු කරයි.

නව අදහස දක්වන්න