සේනා නසන්න දෙබරෙක් | දිනමිණ


 

සේනා නසන්න දෙබරෙක්

ගන්නෝරුවෙන්  අලුත්  සොයා ගැනීමක්

 මීගහකිවුල සමූහ එන්. නවරත්න

ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් ප්‍රථම වතාවට සේනා දළඹුවන්ගේ බිත්තර විනාශ කළ හැකි පරපෝෂීතයකු හඳුන්වාදීමට සමත්ව සිටිතැයි එම ආයතනයේ සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ) ආචාර්ය කේ. ඒ. එන්. පී. බණ්ඩාර මහතා පැවසීය.

දෙබර විශේෂයක් වන ටෙලනොමස් (telenomous) නමැති මේ පරපෝෂිතයින් සේනා දළඹුවන්ගේ බිත්තර මත බිත්තර දැමීමත් සමඟ ම සේනා දළඹූ බිත්තර සියයට 90ක පමණ ප්‍රමාණයකින් විනාශ වන බව ද මේ පර්යේෂණ කණ්ඩායම සඳහන් කරයි.

සාර්ථක ලෙස අත්හදා බලන ලද ටෙලනොමස් (telenomous) නමැති බිත්තර පරපෝෂීතයන් ශ්‍රී ලංකාවේ වගාවන්හි පළමු වතාවට මුදා හැරීම පසුගියදා රිදීමාලියද්ද පින්නගොල්ල නවනැලිය වෙල්යායේ දී සිදුවිය. ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ) ආචාර්ය කේ ඒ එන් පී බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙන්ම, ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඒ. එම්. ඩී. අතපත්තු, මහියංගණ සහකාර කෘෂීකර්ම අධ්‍යක්ෂ නිලන්ත සරත් කුමාර ප්‍රදේශයේ කෘෂීකර්ම උපදේශකවරුන් ගොවි ගෙවියෝ අති විශාල පිරිසක් එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න