කිනිසි 7ක් සමඟ මුස්ලිම් ව්‍යාපාරිකයා රක්ෂිත බාරේ | දිනමිණ


 

කිනිසි 7ක් සමඟ මුස්ලිම් ව්‍යාපාරිකයා රක්ෂිත බාරේ

විදේශ රටක නිෂ්පාදිත කිනිසි 07ක් ළඟ තබා ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මුස්ලිම් ව්‍යාපාරිකයකු මේ මස 14 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියම කළේය.

මල්වානේ උලහිටිවල ප්‍රදේශයේ පදිංචි එච්.එම්.කේ. හසන් නමැත්තා මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මල්වාන නගරයේ යුද හමුදා මාර්ග බාධකයේදී යුද හමුදා සෙබලුන් විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මල්වාන සමූහ

නව අදහස දක්වන්න