දෙව්මැදුරු පිළිසකර වැඩට රණවිරු අතහිත | දිනමිණ


 

දෙව්මැදුරු පිළිසකර වැඩට රණවිරු අතහිත

මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් හානියට පත්වු මීගමුව කටුවපිටිය සාන්ත සෙබස්තියන් දෙව්මැඳුර යළි ප්‍රතිසංස්කරණය කර යථා තත්ත්වයට පත් කිරිමේ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මේ දිනවල ලහි ලහියේ සිදු කර ගෙන යනු දැක ගත හැකිය.

යුද හමුදාවේ 6 වන යාන්ත්‍රික ඉංජිනේරු සේවා බළකායේ සාමාජික දෑතින් එම කටයුතු සිදු කරනු ලබන අතර මෙම කටයුත්ත සදහා රුපියල් ලක්ෂ 150 ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති බවත් කියයි .නිවාස ඉදි කිරිමේ හා සංස්කෘතික ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙසින් කටුවපිටිය දෙව් මැඳුර පිළිසකර කිරි‍මට අවශ්‍යය සම්පුර්ණ මුදල මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රදානය කරනු ඇත.

දෙව්මැඳුර පිළිසකර කිරීමේ කටයුතු දැක ගැනීම පිණිස සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා පෙරේදා ( 6 දා ) කටුවපිටිය දෙව්මැඳුර වෙත පැමිණි අතර එම කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති මුදලින් රුපියල් ලක්ෂ තිහක මුදල ද මෙහිදි යුද හමුදාව වෙත පිරි නමනු ලැබීය.

මෙම අවස්ථාවට ගම්පහ දිසාවේ රාජ්‍ය නිලධාරිහු රැසක්ම එක්ව සිටියහ.

ජායාරූප -

මුන්නේශ්වරම සමුහ.

මුන්නේශ්වරම සමුහ ඊ.සී. ප්‍රනාන්දු

නව අදහස දක්වන්න