පාර අයිනේ මල්ලක අත්බෝම්බ 2ක් | දිනමිණ


 

පාර අයිනේ මල්ලක අත්බෝම්බ 2ක්

මැදිරිගිරිය දියසෙන්පුර මාර්ගයේ පැරකුම්පුර ගම්මානය ආසන්නයේ පාර අයිනේ දමා ගිය මල්ලක තිබී අත්බෝම්බ දෙකක් ගැමියකු විසින් ලබා දුන් තොරතුරක් අනුව සොයා ගත් බව මැදිරිගිරිය පොලිසිය පවසයි

මැදිරිගිරිය දියසෙන්පුර මාර්ගයේ පැරකුම්පුර ගම්මානයේ ආසන්නයේ පාර අයිනේ කුඹුරක සැක කටයුතු පාර්සලයක් ඇති බවට (6) දින ගැමියකුගෙන් ලද තොරතුරක් අනුව පොලිසිය කළ පරීක්ෂාවක දී මෙම බෝම්බ හමුවී ඇත. පසුව පොලිසිය විසින් මින්නේරිය යුදහමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශය වෙත දැනුම් දි තිබේ. පසුව එම ස්ථානයට හිඟුරක්ගොඩ 4වෙනි ශ්‍රී ලංකා සේවා බළකාය සහ පොලිසිය පැමිණ බෝම්බ නිශ්ක්‍රිය කිරීමට සහාය ලබා දි ඇත.

මැදිරිගිරිය සමුහ- ඩබ්. ඒ. පියතිලක

 

නව අදහස දක්වන්න