සේනාගෙන් බැට කෑ මොනරාගල ගොවීන්ට ලක්ෂ 5000ක වන්දි | දිනමිණ


 

සේනාගෙන් බැට කෑ මොනරාගල ගොවීන්ට ලක්ෂ 5000ක වන්දි

සේනා දළඹු හානියෙන් අසරණවූ මොනරාගල දිස්ත්‍රික්කයේ බඩඉරිඟු ගොවීන් 12000ක් සඳහා රුපියල් ලක්ෂ පන්දහසක මුදලක් ලබාදිමට කටයුතු යොදා ඇතැයි ආපදා කලමනාකරණ හා රාජ්‍ය පරිපාලන අමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේය.

පෙරේදා (06)වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති පෙර පාසල් ගුරුවරියන් සඳහා සම්පත් බෙදාදීම ස්වේච්ඡා සමිති ද්‍රව්‍ය ආධාර හා වන්දි චෙක්පත් ප්‍රදානය කිරිමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේය.

සේනා දලඹු හානියෙන් පුර්ණ හානියට පත් ගොවීන් 1607ක් සදහා රුපියල් ලක්ෂ එක්දහස් දෙසියයක මුදලක් මේවන විටත් බෙදා දි ඇතැයි පැවසු අමාත්‍යවරයා ඉතිරිපවුල් 10400 දෙනා සදහා අදාළ මුදල් සියල්ලද ලබන මාසය වන විට එම හානියෙන් පිඩාවට පත්වූ ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරනවා යැයි පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය.

අම්පාර අනුරාධපුරය වගේම මොනරාගල දිස්ත්‍රික්කවල ගොවීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි බඩඉරිඟු වගාව. සේනා දළඹුවාගෙන් හානියට පත් බඩඉරිඟු වගාවට මේ රටේ ඉතිහාසයේ පලමු වතාවට වන්දි ලබාදෙන්න මට හැකියාව ලැබුණා . කුඹුරක් නැති අහිංසක මනුස්සයා තමයි හේනක් කරලා බඩඉරිඟු ටිකක් වගාකරන්නේ . අද ලෝකයේ අප්‍රිකාවේ ආසියාවේ රටවල් රැසක පැතිරුණා. ගොවින්ගේඅවසානාවට මේ වසංගතය ආවේ රටේ කරුමක්කාරවෙලාවට ඒ කියන්නේ දින පනස්දෙක කාලේ . නිලධාරීන්ට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න හැකිවායක් තිබුණේ නෑ .අපි ඇවිල්ලා තමයි ක්‍රියාමාර්ග ගන්න වැඩපිළිවෙළක් සකස්කළේ.

මේ දළඹු හානිය මර්ධනය කරන්න නොයෙක් නොයෙක් ක්‍රියාමර්ග රැසක් අපි ගත්තා.ආණ්ඩුවක් විදිහට අපි හානියට පත් ගොවින්ට ලක්ෂ දහස්ගාණක් ගෙවනවා. සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ගොවින් 854දෙනකුට අපිට පසුගිය දිනවල රුපියල් පන් කෝටි හතළිස් ලක්ෂයකට අධික මුදලක් වන්දි මුදල් ලෙස ලබාදීමට හැකිවුණා.තවත් ගොවියෝ දසදහසකට අධික පිරිසකට අපිට මේ වන්දි මුදල් ලබාදෙන්න තියෙනවා . මේ මුදල් අපි ගන්න දැඩි වෙහෙස මහන්සියක් ගත්තා . ඒ ගැන නියෝජ්‍ය කතානායක තුමා හොඳට දන්නවා.

මෙම උත්සව සභාව අමතමින් නියෝජ්‍ය නායක ජේ එම් ආනන්ද කුමාරසිරි මහතාද අදහස් දැක්වීය.

වැල්ලවාය විශේෂ ජී. අයි. ආර්. ගරුසිංහ,

ඌව වෙල්ලස්ස විශේෂ

 

නව අදහස දක්වන්න