පාලි හා බෞද්ධ පශ්චාත් අධ්‍යාපන ආයතනයේ නව ගොඩනැගිල්ලට මුල්ගල් | දිනමිණ


 

පාලි හා බෞද්ධ පශ්චාත් අධ්‍යාපන ආයතනයේ නව ගොඩනැගිල්ලට මුල්ගල්

කැලණිය විශ්වවිද්‍යලයට අනුබද්ධ පාලි හා බෞද්ධ පශ්චාත් අධ්‍යාපන ආයතනයේ නව ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් 27 වනදා කැලණිය මානෙල්ගම දී සිදුකෙරිණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති වැලමිටියාවේ කුසල ධම්ම නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, උපකුලපති මහාචාර්ය ඩී. එම්. සේමසිංහ මහතා ඇතුළු මහාචාර්ය වරුන්, කථිකාචාර්ය වරුන්, උසස් අධ්‍යාපන ඇමැති රාවුෆ් හකීම්, විදෙස් තානාපතිවරුන් දෙස්-විදෙස් විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ඩනැගිල්ලට මුල්ගල තැබීම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතින් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනය මධ්‍යයේ සිදු කෙරිණි.

රාගම සමුහ

නව අදහස දක්වන්න