කිරිඳිවැල සංඝමිත්තා බාලිකාවට නව ගොඩනැගිලි සංකීර්ණයක් | දිනමිණ


 

කිරිඳිවැල සංඝමිත්තා බාලිකාවට නව ගොඩනැගිලි සංකීර්ණයක්

දොම්පෙ අධ්‍යාපන කොට්ඨාසයේ කිරිඳිවැල සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලයට ඉතාම අඩුපාඩුවක්ව තිබූ ප්‍රාථමික අංශය සඳහා පන්තිකාමර සහ රංග ශාලාවක් සහිත ගොඩනැගිල්ලක් බස්නාහිර පළාත් සභා අරමුදල් යටතේ රුපියල් ලක්ෂ 700ක් වැයකොට ඉදිකෙරිණි.

පංතිකාමර 12 කින් සහ රංගශාලාවකින් යුත් නව තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පැවරීම පසුගිය දා සිදුවිය. ඒ සඳහා අරමුදල් උපයා ගැනීමට මූලිකව කටයුතු කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි ගුණරත්න මහතා නමින් ගොඩනැඟිල්ල නම් කිරීම ද මෙදින සිදුවිය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රී දොම්පෙ එක්සත් ජා.ප. ප්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා මහතා සහභාගී විය. එම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුලිප් විජේසේකර, බස්නාහිර පළාස් සභා මන්ත්‍රී රවි විජේසේකර, ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා සිරිමා ගීකියනගේ, දොම්පෙ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා අජිතා ප්‍රියංගනී යන මහත්ම මහත්මීන් ඇතුළු දොම්පෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දමිත් ප්‍රියශාන්ත, රාජු බුත්පිටිය යන මහත්වරු සහභාගී වූහ.

ජී.එස්.තැලිගම කිරිඳිවැල සමූහ

 

නව අදහස දක්වන්න