හොරණ රෝහලට ගිලන් ඇඳක් ඇති ඉලෙක්ට්‍රෝනික් රථයක් | දිනමිණ


 

හොරණ රෝහලට ගිලන් ඇඳක් ඇති ඉලෙක්ට්‍රෝනික් රථයක්

හල්තොට සමුහ - විනිතා මානෙල් ගමගේ

හොරණ මූළික රෝහලට විශාල අඩුපාඩවක්ව පැවති ගිලන් ඇද සහිත ඉලෙක්ට්‍රොනික් රථයක් පරිත්‍යාග කිරීම පසුගිය 27 දා හිටපු දිසා අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණ .

හොරණ මීමන පදිංචි ව්‍යාපාරිකයෙකු වන අමරලාල් කරුණාරත්න මහතා තම හිතවතුන් වන මීමන ජිනසෝම කළුබෝවිල හා පිළයන්දල මලින්ක ගුණසේකර යන මහත්වරුන් ඇතුළු තවත් කීපදෙනෙකුගේ සහයෝගයෙන් මෙම රථය නිෂ්පාදනය කර ඇත්තේ රුපියල් ලක්ෂ තුනහමාරක පමණ වියදමකින් මාස තුනක පමණ කාලයක් වැය කරමිනි . ඔහු විසින් පසුගිය වසරේ විදුලි ත්‍රීරෝද රථයක් නිෂ්පාදනය කර රෝහලට ප්‍රදානය කිරීමද විශේෂත්වයකි .

අමරලාල් කරුණාරත්න මහතා :.මම මේ රෝහලට ආව අවස්ථාවල නිතර දැක්ක දෙයක් තමයි ලෙඩ්ඩු වාට්ටු වලට ගෙනියන්න තිබුණ අපහසුතාවය . ඔවුන් සෑහෙන්න රස්තියාදු වෙනවා . ඒ නිසා රෝහල් කමිටුවෙ සාමාජිකයො විදියට අපි මේකට සේවකයො දාල පිළියමක් කළා . නමුත් ඒක ප්‍රායෝගිකව අසාර්ථක වුණා . ඊට පස්සෙ ලක්ෂ 13 ක විදුලි කාර් රථයක් ගන්න බැලුවා . ඒක මේ කොරිඩෝවෙ යන්න බෑ . ඊට පස්සෙ මම පිළියන්ද ඉන්න ටෝයෝටා එකේ තාක්ෂණ හා පුහණු කළමණාකරවෙකු ලෙස කටයුතු කරන මගෙ යාළුවා මලින්ක ගුණසේකරව ගෙන්නල එයාගෙ උපදෙස් අරන් මේ කොරිඩෝවල යන්න පුළුවන් විදියෙ විදුලි ත්‍රීරෝද රථයක් නිෂාපාදනය කළා . ඒකට අපි ඉවත දමන යනත්‍ර කොටස් වගේම අළුත් කොටසුත් එකතු කරගෙන ත්‍රීරෝද රථය නිර්මාණය කළා . අත්හදාබැලීමක් විදියට වුණත් ඒක සාර්ථක වුණා . ඒක අපි ගිය අවුරුද්දෙ ජනවාරි 06 වෙනිද රෝහලට බාර දුන්නා . එදා අපි තීරණය කළා ගිලන් ඇද සහිත රථයකුත් හදන්න ඕනැ කියළ . වංගු සහිතව කොරිඩෝවල උඩට නගින විදියට තමයි වාට්ටු පිහිටල තියෙන්නෙ . ඒ නිසා එක එක ස්ථාන වලදි හරවන්න පුළුන් වෙන විදියට රෝගියාගේ ආරක්ෂාව තහවුරු වෙන විදියට නොයෙක් අත්හදා බැලීම් කරල තමයි අපි මේ ගිලන් ඇද නිෂ්පාදනය කළේ . මේකට රෝහල් සෞඛ්‍යසේවා සමිතියෙන් ලක්ෂ එකහමාරක මුදලකුත් තව සාමාජිකයන් හා දානපතියන්ගෙන් ලක්ෂයක මුදලකුත් සමග ලක්ෂ තුනහමාරක පමණ වියදමක් දැරීමට අපිට සිද්ධ වුණා . මලින්ක ගුණසේකර විදුලි පරිපථ සහ අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දුන්න . ජිනසෝම කළුබෝවිල වෙල්ඩින් වැඩ හා නිෂ්පදනයෙන් දායක වුණා . චමින්ද ගුණරත්න කුෂන් වැඩ වලිනුත් උපාලි පෙරේරා හා ලලිත් ලියවන පට්ටල් වැඩ වලිනුත් මේ කටයුතු වලදි පුර් ණ සහයෝගය ලබා දුන්නා .

දැනට නාගොඩ රෝහලෙන් ඉල්ලිමක් කරළ තියෙනවා විදුලි ත්‍රීරෝද රථයක් හදල දෙන්න කියළා . අපිට අනුග්‍රාකයින්ගෙන් උදව් ලැබෙනව නම් මෙවැනි නිෂ්පාදන කරල රජයට විශාල සහයෝගයක් ලබා දෙන්න පුළුවන් වෙනවා .

වෛද්‍ය අධිකාරි තමර කළුබෝවිල මහතා ...ලංකාවේ ප්‍රථම වරට මෙවැනි රථයක් නිෂ්පාදනය කරන ලද්දේ මෙම රෝහලේ රෝහල් හා සෞඛ්‍ය සේවා සමිිතිය මගිනුයි . ඇත්තටම මෙය රෝගින්ට ඉතාමත් වැදගත් උපකරණයක් වෙනවා .හොරණ රෝහල එක කෙලවරක සිට අනික් කෙලවරට කි.මී පමණ දුරකට දිවෙන රෝහලක් . මෙවැනි රෝහලකදී රෝගියෙක් කැදවා ගෙන ඒමේදී පල්ලම් සහිත තත්ත්වය නිසා කාර්යය මණ්ඩළය විශාල අපහසුතාවයකට පත් වෙනවා . ඒ නිසා දෙදෙනෙකුත් මදි වෙනවා එක රෝගියෙකු සදහා උපකරණ සමගින් රැගෙන එන්න . ඒ වගෙම විනාඩි විස්සක විසිපහක කාලයක් ගත වෙනවා පරීක්ෂණ සදහා රැගෙන ඒමට . හදිසි රෝගින් විශේෂයෙන් ආපදා රථයකදීවත් ආපදා වලට භාජන වූ රොගින්ට වාඩිවෙලා යාමේ හැකියාවක් නෑ . ඔවුන්ව නිදිකරවා ගෙන තමයි රැගෙන යා යුත්තේ . එබදු අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීමට අපි යෝජනා කළා විදුලියෙන් වැඩ කරන ට්‍රොලියක් ලබා දෙන්න කියළා . එම ඉල්ලීමට එකග වෙමින් ඔවුන් විසින් නිර්මාණය කරළ තියෙනවා විශේෂයෙන්ම විදුලියෙන් වැඩ කරන ට්‍රොලි රථයක් . මේ මගින් රෝගියාට අවශ්‍ය පහසුකම් සහිතව ඉතා ඉක්මනින් අවශ්‍ය තැනට රැගෙන යාමට හැකියාව තියෙනවා . දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකර ලබන රෝගින් , විශේෂ පරීක්ෂණ සදහා යොමු කරන රෝගින් වෙනත් ආකාරයකට ගෙන යාම අපහසුයි . විශේෂයෙන් රෝගියාගේ ඇද ළගට ලගා කර ගත හැකි උපකරනයක් නොමැතිකම . ට්‍රොලියක රැගෙන ඒමේදී පැය කාලක් පමණ ගතවෙනවා .මේ රෝහලේ තියෙන දුර ප්‍රමාණය නිසා . මේ රථය නිසා එය විනාඩි තුනක් දක්වා අඩුවෙලා තියෙනවා .

මම හිතනවා මෙම ගිලන් ඇද සහිත රථය ඉතාම කාර් යක්ෂම සේවයක් ඉටු කිරීමට සමත් වෙනවා . මේකෙන් රෝගින්ට විශාල පහසුවක් ලැබෙනවා . ඒ වගේම කාර්ය මණ්ළයටත් පහසුවක් ලැබෙනවා . මෙමගින් අපිට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ හැකියාව තියෙනවා .

මෙම අවස්ථාවට හොරණ එජාප සංවිධායක හේමන්ත වික්‍රමාරච්චි , හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන , නියෝජ්‍ය වෛද්‍ය අධිකාර ඉන්දික ධර්මරත්න යන මහත්වරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩළය රෝහල් සෞඛ්‍ය සෙවා සමිතියේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ .

නව අදහස දක්වන්න