ආසියානු සහයෝගිතා සංවාදයේ සියලු අමාත්‍යවරු ශ්‍රී ලංකාවට සහයෝගය පළකරති | දිනමිණ


 

ආසියානු සහයෝගිතා සංවාදයේ සියලු අමාත්‍යවරු ශ්‍රී ලංකාවට සහයෝගය පළකරති

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පසු ආසියානු සහයෝගිතා සංවාදයේ අමාත්‍යවරු ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙති.

ආසියානු සහයෝගිතා සංවාදයේ (ACD) 16 වැනි අමාත්‍යවරුන්ගේ රැස්වීම 2019 මැයි මස 01 වැනිදා දෝහා නුවරදී පැවැත්විණි. අමාත්‍යවරුන්ගේ රැස්වීමට පෙර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම පැවැති අතර ආසියානු සහයෝගිතා සංවාදයේ ව්‍යාපාරික සංසද සැසිය අමාත්‍ය රැස්වීමට පසුව පැවැත්විණි.

ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් දක්වනු ලැබූ හදිසි ප්‍රතිචාර හේතුවෙන් සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමටත්, තත්ත්වය මැඩ පවත්වා ගැනීමටත් හැකි වූ බව අමාත්‍ය මාරපන මහතා අවධාරණය කළේය.

ආසියානු සහයෝගිතා සංවාදයේ සියලු අමාත්‍යවරු ඔවුන් නියෝජනය කරන රටවල් වෙනුවෙන් සිය සංවේගය ප්‍රකාශ කළ අතර ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ශ්‍රි ලංකාව සමඟ අත්වැල් බැඳගන්නා බවට ප්‍රතිඥා දුන් හ.

අදාළ ව්‍යාපාරික ප්‍රජාවන්වලටඵලදායි සහ ශක්තිමත් අන්‍යොන්‍ය සබඳතා ගොඩනඟාගැනීම උදෙසා ආසියානු සහයෝගිතා සංවාදයේ ව්‍යාපාරික සංසදය ස්ථාපිත කිරීම පිණිස කටාර් රාජ්‍යය විසින් කරනු ලැබූමුලපිරීම ශ්‍රී ලංකාවේපැසසුමට ලක් විය. 2019 මැයි මස 2 වැනි දින පැවැති ආසියානු සහයෝගිතා සංවාදයේ ව්‍යාපාරික සංසදය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහභාගි විය.

අමාත්‍ය මාරපන මහතා කටාර්, ඉරානය සහ තුර්කිය යන රටවල විදේශ අමාත්‍යවරුන් හමුවී දෙපාර්ශ්වයටම වැදගත් කරුණු සාකච්ඡා කළේ ය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ජීවනී සිරිවර්ධන මහත්මිය ශ්‍රී ලංකාව ජාතික අපනයන උපායමාර්ගය මඟින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව පුළුල් ලෙස කරුණු දැක්වූ අතර තුර්කිය, කටාර්, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල පෞද්ගලික අංශ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීය.

අමාත්‍ය මාරපන මහතා කටාර්හි වෙසෙන 130000ක් වූ ශ්‍රී ලාංකික ප්‍රජාවෙහි නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර එහිදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ඔවුන්ගේ මතය, කටාර්හි වෙසෙන ප්‍රජාව මුහුණ දෙන ගැටලු , පුහුණු සහ වෘත්තීය කුසලතා පූර්ණ ශ්‍රමිකයන්ගේ ප්‍රවේශය දියුණු කිරීම උදෙසා ගත හැකි ක්‍රියා මාර්ග ආදිය පිළිබඳව සාකච්ඡා කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථීක කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සරෝජා සිරිසේන මහත්මිය දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අතරතුරතානාපති රත්නසිංගම් කෝහුලරන්ගන් මහතා සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ හා පෞද්ගලික අංශයේ නියෝජිතවරුද මෙම රැස්වීමට සහභාගී වූහ.

නව අදහස දක්වන්න