රංග බණ්ඩාරණායකට රන් සම්මානයක් | දිනමිණ

රංග බණ්ඩාරණායකට රන් සම්මානයක්

මොස්කව් හි පැවැති විවේචක චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් පිළිබඳ 21 වැනි ජාත්‍යන්තර උලෙළේ (2019) දී සුප්‍රකට රූපවාහිනි නාට්‍ය හා වැඩසටහන් නිශ්පාදක රංග බණ්ඩාරණායක මහතා 'The Silence - (නිහැඬියාව)' චිත්‍රපටය වෙනුවෙන් රන් සම්මාන දිනා ගත්තේය. ' සිවිල් සමාජය' අංශය යටතේ සිවිල් අයිතිවාසිකම් සඳහා අරගලය වෙනුවෙන් මෙම වාර්තා චිත්‍රපටය නිර්මාණය කර තිබේ.

මෙම ජාත්‍යන්තර සිනමා උලෙළ සඳහා අංශ 12ක් යටතේ රටවල් 78කින් චිත්‍රපට හා රූපවාහිනී වැඩසටහන් 1,218ක් ඉදිරිපත් කර තිබිණි.'DetectiveFEST' තේමාව යටතේ අප්‍රියෙල් 22- 28 දින දක්වා මෙම සිනමා උලෙළ පැවැත්විණි. එය ඩිටෙක්ටිව් නිශ්පාදන සමාගම විසින් රුසියාවේ සංස්කෘතික අමාත්‍යාංශයේ සහයෝගය සහිතව සංවිධානය කරන ලද අතර ඒ සඳහා අංශ තුනක් යට‍තේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හය දෙනකු නිර්දේශ වී තිබුණි.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා සහ සංජා ජයතිලක මහත්මිය මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී රංග බණ්ඩාරණායක සහ එම මහත්මිය මුණ ගැසිණි.

නව අදහස දක්වන්න