වෙසක් උත්සවය චාම්ව තොටගමුව රන්පත් විහාරයේදී | දිනමිණ


 

වෙසක් උත්සවය චාම්ව තොටගමුව රන්පත් විහාරයේදී

කමනි අල්විස්

ජාතික වෙසක් උළෙල මෙවර ඉතා චාම්ව ගාලු දිස්ත්‍රික්කයේ තෙල්වත්ත තොටගමුව රන්පත් රජමහා විහාරස්ථානයේදී මෙම මස 17 දා පැවැත්වීමට බෞද්ධ උපදේශක සභාවේ අනුමැතිය පරිදි තීරණය කළ බව බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය. තොටගමුවේ ශ්‍රී රාහුල නාහිමි වැඩවාසය කළේ මෙම විහාරස්ථානයේ බවත් ඇමැතිවරයා පැවසීය.

ආරක්ෂක සැලසුමක් තුළ එදින ජාතික වෙසක් උත්සවය එම විහාරස්ථානයේදී පවත්වන බව පැවසූ ඇමති ජයවික්‍රම පෙරේරා මහතා මෙවර ජාතික වෙසක් උත්සවය නිමිති කරගෙන භික්ෂූන්වහන්සේලා රක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් මෙම 16 දා ආරම්භ කරන බවත් ප්‍රකාශ කළේය. සෑම භික්ෂූන්වහන්සේ නමක්ම රක්ෂණයෙන් ආවරණය වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී අනුනායක ස්වාමින් වහන්සේ ඇතුළුව බෞද්ධ උපදේශක සභාවේ ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්වයෙන් ඊයේ (7) බුද්ධශාසන අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මේ බව පැවසීය.

නව අදහස දක්වන්න