නැති භීතියක් නිර්මාණය කර දේශපාලන වාසි ලබා ගැනීමට විපක්ෂය උත්සාහ කරනවා | දිනමිණ


 

නැති භීතියක් නිර්මාණය කර දේශපාලන වාසි ලබා ගැනීමට විපක්ෂය උත්සාහ කරනවා

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
චමීර ඇල්ලදෙණිය

පාසල් වසා දමා, ඇඳිරි නීතිය පනවා, නැති භිතියක් රටතුළ නිර්මාණය කර ඒ මඟින්ද පටු දේශපාලනයෙහි නිරත වී දේශපාලන වාසි ලබා ගැනීමට විපක්ෂය උත්සාහ කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.

විපක්ෂයේ ඇතැමුන් පාසල් විවෘත කරනවාට විරුද්ධ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

හන්දි ගානේ රස්තියාදු වෙමින් අධ්‍යාපනය ලබනවා වෙනු‍වට මොනවා හෝ කරමින් සිට පාර්ලිමේන්තුවට පැමිණ සිටින විපක්ෂයේ ඇතැම් අයගේ මෙවැනි හැසීරීම් නොසළකා හැරිය යුතු බවත් ඇමතිවරයා සඳහන් කළේය.

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේ රටතුළ පවතින තත්ත්වය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය සඳහා සිය අදහස් දක්වමිනි.

 

නව අදහස දක්වන්න