සේවකයින් ගෙන ගිය ලිපි වල ජාතිවාදය හෝ රාජ්‍ය විරෝධී කිසිවක් අන්තර්ගතවී නෑ | දිනමිණ


 

සේවකයින් ගෙන ගිය ලිපි වල ජාතිවාදය හෝ රාජ්‍ය විරෝධී කිසිවක් අන්තර්ගතවී නෑ

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
චමීර ඇල්ලදෙණිය

මහනුවර දිස්ත්‍රීක්කයේ විහාරස්ථා‍න වෙත තැපැල් කිරීම සඳහා සිය අමාත්‍යාංශයේ සේවකයින් පිරිසක් විසින් ගෙන ගොස් තිබූ ලිපි තුළ ජාතිවාදය ඇතිකරන අන්දමේ කිසිදු කරුණක් හෝ කිසිවෙකුට කිසිදු මඩ ප්‍රහාරයක් එල්ල කිරීමක් හෝ රාජ්‍ය විරෝධී කිසිවක් අන්තර්ගතවී නොතිබූ බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමයන් හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) ප්‍රකාශ කළේය.

එම ලිපිය තුළ අන්තර්ගතව තිබුනේ අප්‍රේල් 21 වැනිදා සිදුවූ සිදුවීම පිළිබඳ කලම්බු ටෙලිග්‍රාෆ්ට් නමින් හැඳින්වෙන පිළිගත් වෙබ්අඩවියේ 2019.04.28 දින පල කරන ලද ලිපියකින් උපුටා ගත් කොටස් කීපයක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම ලිපිය මේ වනවිට නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා තීරණයක් ලබා දෙනු ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේ අදාළ ලිපිය සම්බන්ධයෙන් හා මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කරමිනි. මාගේ මාධ්‍ය ඒකකය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ ගෞරවනීය ස්වාමීන්වහන්සේලා දැනුවත් කිරීම උදෙසා කලම්බු ටෙලිග්‍රාෆ්ට් නමින් හැඳින්වෙන පිළිගත් වෙබ්අඩවියේ 2019.04.28 දින පල කරන ලද ලිපියකින්උපුටා ගත් කොටස් කීපයක සිංහල පරිවර්තනය ඇතුළත් ලිපියක් යැවීමට කටයුතු කර ඇතිබව මා වෙත දැන ගන්නට ලැබුණි. නමුත් මා ආරක්ෂාව පිණිස නිවසේ රැදී සිටි හෙයින් එම ලිපිය කියවා බැලීමට මා හට අවස්ථාවක් නොලැබුණි. නමුත් පසුව මේ සම්බන්ධයෙන් මා වෙත තොරතුරු ලැබූ පසු ඒ පිළිබඳ මා සොයා බැලූඅතර, එම ලිපියෙහි ජාතිවාදය ඇතිකරන අන්දමේ කිසිදු කරුණක් හෝ කිසිවෙකුට කිසිදු මඩ ප්‍රහාරයක් එල්ල කිරීමක් හෝ රාජ්‍ය විරෝධී කිසිවක් හෝ එහි අඩංගු නොවනබව මා හට හැගුනි.

පන්සලකට යැවූ ලිපි සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් දක්වනවා. අප්‍රේල් 04 ලැබුණු තොරතුරු පසුපස පොලිසිය මෙලෙස හඹා ගියානම් ජිවිත 300ක් බේරගන්න තිබුණා.

නව අදහස දක්වන්න