ත්‍රිවිධ හමුදාවේ-පොලිසියේ සහායෙන් පාසල් ආරක්ෂාව හොඳ අතට | දිනමිණ


 

ත්‍රිවිධ හමුදාවේ-පොලිසියේ සහායෙන් පාසල් ආරක්ෂාව හොඳ අතට

ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සහාය මත පාසල්වල ආරක්ෂාව මේ වනවිට හොඳ තත්ත්වයක පවතිනවා බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අැමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි.

කොළඹ ප්‍රදේශයේ පාසල් කිහිපයක ආරක්ෂා කටයුතු සොයා බැලිම සඳහා්‍ පෙරේදා (7)පෙරවරුවේ සහභාගි වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අැමැතිවරයා මෙසේද කිය.

අපේ දරුවන් තමයි අපට තිබෙන වටිනාම සම්පත. ඒ නිසා අද තිබෙන තත්ත්වය මත මවුපියන්ට දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බයක් සැකක් ඇතිවීම සාධාරණයි. අපි මේ අවස්ථාවේදී දරුවන් තුළ බයක් සැකයක් ඇති නොවන ආකාරයෙන් වැඩකටයුතු කළ යුතුයි. අද වනවිට පාසල්වල ආරක්ෂාව හොඳ තත්ත්වයක පවතිනවා කියලා අපට පේනවා. අපි ඒ ආරක්ෂක තත්ත්වය පිළිබඳව දරුවන් සහ මවුපියන් තුළ විශ්වාසයක් ඇති කළ යුතුයි. මනුෂ්‍යත්වය ගැන නොදන්නා මේ වගේ කෲර ත්‍රස්තවාදීන්ව අපි මොන ආකාරයකින්ද නවත්වන්නේ. ඔවුන් මර්දනය කරන්න තමයි අපේ ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් මේ වනවිට ඉදිරිපත් වෙලා සිටින්නේ. ඔවුන්ට ඒ කාර්යය සඳහා අපගේ සහායද ලබාදිය යුතුයි. ඒ වගේම දිවයිනේ සියළුම පාසල් වෙත මෙම ආරක්ෂාව සපයා දීමට කටයුතු යෙදිය යුතුයි.

පෙරේදා දිනයට වඩා අද දින වනවිට පාසල් වලට සිසුන්ගේ පැමිණීම 15% කින් පමණ වැඩිවෙලා තිබෙන බව දැනගන්නට ලැබුණා. මේ මස 13 වැනි දින පාසල්වල ප්‍රාථමික පංති ආරම්භ කරනවා. රටේ ආරක්ෂක තත්ත්වය පිළිබදව සිතා වැඩකළ යුතුයි. ඒ අනුව ආරක්ෂක අංශ සහ ආණ්ඩුව තීරණය කරනවා නම්, පාසල් ආරම්භ කිරීම සුදුසුයි කියලා අපි පිළිගත යුත්තේ එයයි.

ආණ්ඩුවක් වශයෙන් පාසල් ආරම්භ කිරීමට හෝ වැසීමට තීරණය කරන්න අපට පුළුවන්. නමුත් ටියුෂන් පන්ති පිළිබඳව අපට ඒ ආකාරයෙන් තීරණ ගන්න අපහසුයි. දරුවන් පාසල් එවන්න බයයි නම්, ටියුෂන් පන්ති යවන්නේ කොහොමද පසුගියදා ඇතිවූ කුරිරු බෝම්බ ප්‍රහාරය හමුවේ වසා දැමු පාසල් නැවත විවෘත කිරීමට ආණ්ඩුව ගත් තීන්දුවෙන් අනතුරුව, පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය යොදවා තිබේ.

තමන් වෙත අනුයුක්ත කර සිටි ආරක්ෂක නිලධාරීන්ද අදාළ ආරක්ෂක වැඩපිළිවෙළ වෙනුවෙන් යෙදවීමට කටයුතු කළ බව අැමැති කරුණානායක මහතා, රාජකීය විද්‍යාලය, ශාන්ත පාවුලු විද්‍යාලය ඇතුළු කොළඹ ප්‍රදේශයේ පාසල් කිහිපයක ආරක්ෂක කටයුතු පිළිබඳව සොයා බැලීය.

නව අදහස දක්වන්න