මුළු රටම වෙසක් කලාපයක් කරමු | දිනමිණ


 

මුළු රටම වෙසක් කලාපයක් කරමු

මුළු රටම වෙසක් කලාපයක් කරමු යැයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අැමැති පාඨලී චම්පික රණවක මහතා සිය නිල ෆේස්බුක් පිටුව වෙත ප‍්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ත‍්‍රස්තවාදීන්ගේ බලපෑම මත සාමුහිකව එක්රැස්ව තොරණ, දන්සල් ආදී ආමිස පූජා සිදු කිරීම පිළිබඳව ආරක්‍ෂක අංශ, මහානායක හිමිවරුන් ඇතුළු සියළු දෙනාගේ අවධානය යොමුව ඇත. නමුත් ප‍්‍රතිපත්ති පූජාවට මුල්තැන දී සම්බුදු තෙමඟුල අප සැමරිය යුතුයි. ඒ සඳහා සෑම තැනකම ප‍්‍රතිපත්ති පූජාවට මුල්තැන දී මුළු රටම වෙසක් කලාපයක් කරමින්, මිය ගිය අයට පින් අනුමෝදන් කිරීමටත්, රටේ සෑම නිවෙසක්ම උපරිම අයුරින් වෙසක් සැරසිලිවලින් සරසා, එක් එක් වෙසක් කලාප වෙනුවට මුළු රටම වෙසක් කලාපයක් බවට පත් කළ යුතු බවද ඇමැතිවරයා සඳහන් කරයි.

නව අදහස දක්වන්න