ජාතික තවුහීද් ජමාත් කොළඹ දිසා සංවිධායක තවදුරටත් රිමාන්ඩ් | දිනමිණ


 

ජාතික තවුහීද් ජමාත් කොළඹ දිසා සංවිධායක තවදුරටත් රිමාන්ඩ්

ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ලබන 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඊයේ (7) නියම කළාය.

සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවට පොලිසිය අධිකරණයට දැක්වු කරුණු සළකා මහේස්ත්‍රාත්වරිය ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණ.

මෙහිදි සැකකරු වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරයා ඔහු ඇප මත මුදා හරින ලෙස කරන ඉල්ලිම ප්‍රතික්ෂ්‍රේප කළ මහේස්ත්‍රාත්වරිය සඳහන් කරනු ලැබුවේ සැකකරු ත්‍රස්තවාදි වැලැක්විමේ පනත ප්‍රකාරව අධිකරණයට ඉදිරිපත් කැර ඇති බැවින් තමන්ට ඇප ලබා දිමට බලයක් නොමැති බවය.

පැය 72 ක කාලයක් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු ගම්පොළදී අත්අඩංගුවට පත් වු සැකකරුවන් දෙදෙනකු සමඟ සමිප සබඳතා පැවැත්වු බවට කරුණු අනාවරණය වු බව පවසමින් සැකකරු පසුගිය 2 වැනි දින අධිකරණයට ඉදිරිපත් කැර තිබිණ.

මෙම සැකකරු සතුව තිබි ඉස්ලාම් අන්තවාදි සංවිධානයක් වන තවුහිද් ජමාත් සංවිධානයේ ස්ටිකර් 67ක් ,ඔහුගේ ජංගම දුරකථනයේ තිබි බෝමබ පිපිරිමෙන් පසු එම ස්ථානවල රුපගත කිරිම් ඇතුළත් දර්ශන ,පොලිසිය අත්අඩංගුවට ගත් වාහන වල ජායාරූප පොලිසිය සොයා ගෙන තිබිණ.

පසුගිය 28 වැනි දින ලද තොරතුරක් මත සැකකරු කොළඹ අලුත්කඩේ අධිකරණ සංකිර්ණයේ පසුපස නිවාස සංකිර්ණයේ සිටිය දි අත්අඩංගුවට ගෙන තිබිණ

මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කැර ඇති බවට විමර්ශනවලදී කරුණු හෙළි වී ඇති බවත් බෝම්බ පරිපථ නිෂ්පාදනය සිදු කර ඇති බවට සැකයක් පවතින බැවින් ඒ සම්බන්ධව විමර්ශන සිදු කරන බවයි.

සිරන්ජනි කුමාරි-රිද්මි අමෝදා

නව අදහස දක්වන්න