ඩෙංගු මර්දන සතියට පොලිසියේ සහාය | දිනමිණ


 

ඩෙංගු මර්දන සතියට පොලිසියේ සහාය

සන්ධ්‍යා කරුණාරත්න

ජාතික ඩෙංගු මදුරු මර්දන සතිය තුළ දී සෞඛ්‍ය අංශවලට අවශ්‍ය උපරිම සහාය පොලීසියෙන් ලබා දෙන බව පොලිස් පරිසර ආරක්ෂණ කොට්ටාසයේ නිලධාරී මනෝජ් පෙරේරා මහතා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා පෙරේදා (6) මේ බව ප්‍රකාශ කෙළේය.

ජාතික මදුරු මර්දන වැඩ සටහන අද සිට 10 වැනි දා දක්වා පැවැත්වෙන අතර එම දිනයන්හි ඩෙංගු අධි අවදානම් කලාපයන්හි විශේෂ වැඩපිළිවෙළක් යොදන බවත් සෙසු දිනයන්හි මදුරුවන් බෝ නොවන ස්ථාන පරිසරයේ පවත්වාගෙන යෑමට ජනතාව කටයුතු කළ යුතු බවත් වෛද්‍ය තිසේරා මහතා අවධාරණය කෙළේය.

නව අදහස දක්වන්න