කිළිනොච්චියේ පූනකරී ප්‍රදේශයේ තුවක්කු කම්හලක් වටලයි | දිනමිණ


 

කිළිනොච්චියේ පූනකරී ප්‍රදේශයේ තුවක්කු කම්හලක් වටලයි

කිළිනොච්චියේ පූනකරී මුට්කොම්පන් ප්‍රදේශයේ තුවක්කු කම්හලක් පවත්වා ගෙන ගිය පුද්ගලයා පූනකරී පොලීසිය විසින් ඊයේ( 7) දා අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු ඉතා රහසිගත ස්ථානයක සාමාන්‍ය වර්ගයේ බෝර දොළහේ තුවක්කු කඩු කිණිසි නිෂ්පාදනය කරමින් සිට ඇති අතර පොලීසිය හා යුද හමුදාව එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඔහුව අත් අඩංගුවට ගන්නා විට වැඩ නිම කළ වෙඩි තැබීමට හැකි තුවක්කු නවයක් තිබී ඇත.

තවත් තුවක්කු අටක් වැඩ නිම කිරීමට ආසන්නයේ තිබී ඇති අතර ඔහුගේ තුවක්කු කම්මලේ තිබී කඩු හයක් කිණිසි හතරක් හා පිහි හතක්ද අත් අඩංගුවට ගෙන තිබේ.

කිළිනොච්චිය පූනකරි පොලීසිය පාවසන්නේ සැකකරු කාලයක සිට මේ ස්ථානයේ තුවක්කු ඇතුලු අවි නිපදවීමේ කටයුතු සිදු කොට ඇති බවයි.

අදාල සැකකරු විසින් නිපදවන ලද සාමාන්‍ය තුවක්කුවක් රුපියල් 25000 හා 400000 යන මිල ගණන් වලට විවිධ පුද්ගලයින්ට අලෙවි කොට ඇති බවටද තොරතුරු ලැබී ඇත.

වැඩි වශයෙන්ම එම තුවක්කු මිලට ගෙන ඇත්තේ ගොවිතැන් කටයුතු වන සතුන්ගෙන් ආරක්ෂා කර ගන්නා ගොවියන් විසින් බවට ද පොලීසියට තොරතුරු ලැබී තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරු කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පුනකරී පොලීසිය පියවර ගෙන තිබේ.

(උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ)

නව අදහස දක්වන්න