නීති විරෝධීව මසුන් මැරූ ධීවරයන් පිරිසක් දැලේ | දිනමිණ


 

නීති විරෝධීව මසුන් මැරූ ධීවරයන් පිරිසක් දැලේ

මුලතිව් මුහුදු තීරයේ සෙම්මාලයි ප්‍රදේශයේ නීති විරෝධී අන්දමින් මසුන් මරමින් සිටි දේශීය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ( 7) වෙනිදා අත් අඩංගුවට ගෙන තිබේ.

පුල්මුඩේ හා නිලාවේලී යන පළාත් වල පදිංචි මේ ධීවරයින් පිරිස නීති විරෝධි දැල් භාවිතා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.

එම නීති විරෝධී ධීවර කටයුතු සදහා යොදා ගන්නා ලද ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක් සහ නීති විරෝධී දැල් 02 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයන් නීතිමය පියවර ගැනීම සදහා නාවික හමුදාව විසින් මුලතිව් සහකාරධීවර අධ්‍යක්ෂකවරයා වෙත බාර දී තිබේ.

නව අදහස දක්වන්න