ස්ටෙන්ට්,පිළිකා සහ බැක්ටීරියා ප්‍රතිජීවක සඳහා අනුමැතිය | දිනමිණ

ස්ටෙන්ට්,පිළිකා සහ බැක්ටීරියා ප්‍රතිජීවක සඳහා අනුමැතිය

(බුද්ධිකා ඉඹුලාන,සිතාරා සේනානි)
 
හෘද රෝගීන්ට අවශ්‍ය ස්ටෙන්ට්,පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය එන්නත් සහ බැක්ටීරියා ආසාදන සඳහා වන ප්‍රතිජීවක ඖෂධ මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
 
සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම යෝජනාවන් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්කර ඇත.
 
ඒ අනුව කිරීටක හෘද රෝගින්ට ප්‍රතිකාර කිරීමේදී භාවිතා කරන කිරීටක  ස්ටෙන්ට් විවිධ ප්‍රමාණයන්ගෙන් මිලදි ගැනීම  සඳහා වන ප්‍රසම්පාදනය ,අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත තෝරා ගැනෙන සැපැයුම් කරුවන් වෙත රුපියල් මිලියන 446.39 ක මුදලකට පිරිනැමෙනු ඇත.
 
බැක්ටීරියා  ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධයක් වන සෙෆියුරොක්සිම් සෝඩියම් එන්නත් බීපී මිලිග්‍රෑම් 750න් හෝ සෙෆියුරොක්සිම් එන්නත් යූ එස්පී මිලිග්‍රෑම් 750න් එන්නත්4,000,000ක් මිලදී  ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය ,ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 197.89 ක මුදලකට ඉන්දියාවේ සමාගමක් වෙත ලබා දීමටත් ,පිළීකා රෝගීන් සදහා වන රිටුක්සිමැබ් එන්නත් කුප්පි (වයල්ස්)100mg/10mlප්‍රමාණයේ කුප්පි 1750ක් සහ එහි 500mg/50ml ප්‍රමාණයේ  එන්නත් කුප්පි 2000ක් මිලදී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේනිර්දේශය පරිදි තුර්කි සමාගමක් වෙත ලබා දීමද සිදු කෙරේ.

නව අදහස දක්වන්න