හිටපු ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට සිතාසි | දිනමිණ

හිටපු ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට සිතාසි

දැනට අනිවාර්ය නිවාඩු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මේ මස 21 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසට සීතාසි යවන්නැයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට අද නියෝග කලේය.

ඒ පාස්කු ඉරු දින කොච්චිකඬේ දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් තම දරුවන් දෙදෙනා මියයාම බව පවසමින් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි සමන් නන්දන සිරිමාන්න නමැති පුද්ගලයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සමක් අද කැදවූ අවස්ථාවේදී.

එහිදී නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥවරයා කියා සිටියේ පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බවයි.

පෙත්සම්කරු තවදුරටත් දක්වා සිටියේ මෙම ප්‍රහාර සම්බන්ධයෙන් තෙරතුරු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා කල්තියා දැනසිටි බැවින් මොවුන්ට අපරාධ නීතිය යටතේ නිසි පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසටයි.

මෙම පෙත්සම ප්‍රසන්න ජයවර්ධන, මූර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර හමුවේයි කැදවනු ලැබීය.


නව අදහස දක්වන්න