නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ 41ක් අත්අඩංගුවට | දිනමිණ

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ 41ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය, බැක් බේ ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 41 දෙනෙකු ඊයේ (07) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ සිදු කළ මුර සංචාරයන් අතරතුරදි ධීවර කටයුතු සඳහා තහනම් කරන ලද බැක් බේ ප්‍රදේශයේ නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට පත් පුද්ගලයින් අවුරුදු 18 ත් 60 ත් අතර වයස් වල පසුවන ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 05 ක්, පිටත දහන යන්ත්‍ර 05 ක්, මිටර් 225 දිගැති තහනම් ධීවර දැල් 05 ක් සහ නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 94 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, තහනම් ධීවර දැල්, අල්ලන ලද මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හරහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කර තිබේ.

නව අදහස දක්වන්න