ඉඟුරු ගොවි පදනමක් | දිනමිණ


 

ඉඟුරු ගොවි පදනමක්

කුඩා පරිමාණ ඉඩම් හිමියන්ට තිරසාර අනාගතයක් නිර්මාණය කරමින්, දේශීය සුළුපරිමාණ ගොවීන් මෙරට කෘෂිකර්මාන්තයේ වැදගත් කොටසක් බවට පරිවර්තනය කිරීමේ අඛණ්ඩ කටයුත්තට එලිෆන්ට් හවුස් නිරන්තරයෙන් ඇපකැප වී සිටී. ඒ ඔවුන්‍ගේ නිෂ්පාදිත වෙත තිරසාර සැපයුම් මාර්ගයක් ලබා දෙමිනි.

ශ්‍රී ලංකාවේ ජනාදරයට පත් සන්නාමයක් ලෙසින් මීට දශක දෙකකට පමණ පෙර එලිෆන්ට් හවුස්, කුඩා පරිමාණ ගොවීන්ගෙන් අමු ඉඟුරු මිල දී ගැනීම ආයතනික සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙසින් ආරම්භ කළේය.

එලිෆන්ට් හවුස් සිය අතිශය ජනප්‍රිය 'එලිෆන්ට් හවුස් ජින්ජර් බියර්' එසේත් නැතිනම් ' EGB' නිපදවීමට යොදාගන්නා ඉඟුරු සැපයීම සඳහා 400කට අධික ගොවීන් පිරිසක් තෝරා ගෙන ඇති අතර ඔවුන්ගේ වර්ධනයට ශක්තිමත් අඩිතාලමක් දැමීමට එමගින් හැකියාව ලැබී ඇත. මෙමගින් ස්වභාවික ඉඟුරු නිස්සාරණයෙන් ලබාගන්නා 100 % ක සුවිශේෂී රසයක් EGB හි ඇති බව තහවුරු කර තිබේ.

2016 වසරේ දී එලිෆන්ට් හවුස් විසින් වාර්තාගත ලෙස වියළි ඉඟුරු මෙට්රික් ටොන් 72කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇත. මීට අමතරව, මේ දක්වා සමාගම විසින් මිල දී ගෙන ඇති වියළි ඉඟුරු ප්‍රමාණය මෙට්රික් ටොන් 500ක් ඉක්මවා ඇති අතර ඒ සදහා ගොවින් විසින් භාවිත කරන ලද අමු ඉගුරු ප්‍රමාණය මෙට්රික් ටොන් 2300 ඉක්මවා ඇත.

ඉඟුරු වගාවෙහි නිරත ගොවි ප්‍රජාව මේ වන විට ඉඟුරු වගාව සඳහා ගොවි ප්‍රජාවන් හතරලියද්ද, අළුදෙණිය, පූජාපිටිය, හඟුරන්කෙත, ගම්පොළ, ගම්පහ, ගාල්ල, කුරුණෑගල මෙන්ම කොළඹ යන ප්‍රදේශවල ද ව්‍යාප්තව ඇත. එමෙන්ම තවත් 1,500 ක පමණ පිරිසක් වක්‍රාකාරයෙන් මෙම වගාව හා සම්බන්ධව සිටී. මෙම කුඩාපරිමාණ ගොවීන්ගේ අස්වැන්න සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ අභියෝගයන් වෙනස් කිරීම සහ ඔවුන් දැනුවත් කිරීම සඳහා එලිෆන්ට් හවුස් කැපවී සිටින අතර ඒ පිළිබඳව වැදගත්කම මනාව අවබෝධ කරගෙන ඇත‍. එහිදී ගොවීන්ගේ කෘෂි ව්‍යාපාර සංවර්ධනය හා වැඩිදියුණු කිරීම සඳහා එලිෆන්ට් හවුස් ආයතනය විවිධ ආයතන සමඟ සම්බන්ධ වී සිටී.

මහ බැංකුවේ මග පෙන්වීම යටතේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හඳුන්වා දුන් ඉදිරි වෙළෙද ගිවිසුම් මගින් මෙම ගොවි ප්‍රජාව නගා සිටුවීමට සහාය හිමිවන අතර, එලිෆන්ට් හවුස් මඟින් ගොවීන් හට මිල උච්චාවචන අවදානම් මගහරවමින් සාධාරණ මිලක් ලබාදීම සහතික කර ඇත.

 

නව අදහස දක්වන්න