බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත් කුමරුට ද්විත්ව පුරවැසිභාවය ? | දිනමිණ

බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත් කුමරුට ද්විත්ව පුරවැසිභාවය ?

බ්‍රිතාන්‍ය රාජකීය පවුලට එක්වූ අලුත්ම කුමරුට තැබිය යුතු නම ගැන තවමත් සිතමින් සිටින බව හැරී කුමරු කුමරු විදෙස් මාධ්‍ය වෙත සදහන් කර ඇත. 
 
තම පළමු දරුවා ගේ උපත පිළිබඳව අදහස් දක්වමින් හැරී කුමරු තවදුරටත් කියා සිටියේ "මගේ ජීවිතයේ ලැබිය හැකි හොඳම අත්දැකීම" මෙය වන බවය.
 
අලුත උපන් කුමරුගේ මව වන මෙගන් මාකල් ආදිපාදවරිය උපත ලබා ඇත්තේ එක්සත් ජනපදයේ ය. එම නිසා මෙම කුමාරයා මහා බ්‍රිතාන්‍යයේ මෙන්ම එක්සත් ජනපදයේ ද පුරවැසිභාවය හිමි කර ගැනීමට උරුමය ඇති බැවින් ඔහුට ද්විත්ව පුරවැසිභාවය හිමි රාජකීය බිලිඳෙකු බවට පත්වීමේ හැකියාව පවතී.
 
විලියම් කුමරු හා ඔහුගේ දරුවන් තිදෙනාගෙන් පසු හැරී ද ඉන් අනතුරුව ඔහුගේ පුත් කුමරු ද බ්‍රිතාන්‍ය රජ කිරුළට උරුම කම් කියයි. 
 
හැරී- මේගන් යුවළ ගේ පුත් කුමරු වෙනුවෙන් මුළින්ම සුබ පැතුම් එක් කළ පිරිස අතර අගමැතිනි තෙරේසා මේ, විරුද්ධ පක්ෂ නායක ජෙරසි කොර්බින් , ඩයනා කුමරියගේ සහෝදරයා වන චාර්ල්ස් ස්පෙන්සර් ද වේ. 
 
මේ අතර තම දියණියගේ විවාහ උත්සවයට සහභාගි වීම පවා ප්‍රතික්ෂේප කළ මේගන් ගේ පියා ‍වන තෝමස් මර්කල් නව දෙමාපිය යුවලට සන් පුවත්පත හරහා සුබ පැතුම් එක් කර තිබේ. 
 

නව අදහස දක්වන්න