බ්‍රිතාන්‍යයේ අලුත් කුමරුගේ නම පිළිබඳ අනාවරණයක් | දිනමිණ


 

බ්‍රිතාන්‍යයේ අලුත් කුමරුගේ නම පිළිබඳ අනාවරණයක්

 බ්‍රිතාන්‍ය රජ පවුලට එක් වූ නව සාමාජිකයාට බොහෝ විට "ආතර්" හෝ "ජේම්ස්"  ලෙස නම් තබනු ඇති බව විශ්වාස කෙරේ. දරු උපත පිළිබඳ දැනුම් දුන් හැරී කුමරු පැවසුවේ දින දෙකකින් පමණ නම් තැබීම සිදු කෙරෙන බවය. 
 
රාජකීය බිළිඳෙකුට නමක් තැබීම පිළිබඳව විශේෂයෙන් සැකසුණු නීතිරීති මාලාවක් නොමැති නමුත්  බොහෝවිට සිදු වන්නේ සම්ප්‍රදායට තැන දෙමිනි. 
 
රජ පවුලට අලුත් සාමාජිකයකු එක් වූ සෑම අවස්ථාවකම ඔහුට හෝ ඇයට තබන නම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වන අතර එය කොතෙක් ද කියන්නේ නම් ඒ සඳහා ඔට්ටු අල්ලන විශාල පිරිසක් ද වේ.  සූදු ක්‍රීඩා වෙනුවෙන් පවතින ආයතන මේ සඳහා සූදානමින් සිටී.
 
අලුත උපන් බිළිඳාට බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන කුමර කුමරියන්ගේ ලැයිස්තුවේ හත් වන ස්ථානය හිමි වන අතර හැරී - මේගන් ගේ පුත්‍රයා රාජකීය කුමාරයෙකු ලෙස නම් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය ගනු ලැබිය යුත්තේ එලිසබත් රැජිණ විසින් බව වාර්තා වේ.

නව අදහස දක්වන්න