රයන් වෑන් නිදහස් කෙරේ | දිනමිණ

 රයන් වෑන් නිදහස් කෙරේ

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රංගන ශිල්පී රයන් වෑන් රූයන්ට රුපියල් 4000ක දඩයක් ගෙවීමට නියම කර මුදා හැරේ.
 
ගංජා ප්‍රවාහනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රංගන ශිල්පී රයන් වෑන් රූයන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණ. මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(09) ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 4000ක දඩයක් ගෙවීමට නියම කර නිදහස් කිරීමට නියම කෙරුණි.
 
පසුගිය දා ඩුබායිහී සිට මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වෑන් රූයන් අ‍ප්‍රේල් 25වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

නව අදහස දක්වන්න