දන්සැල් සඳහා උපදෙස් | දිනමිණ

දන්සැල් සඳහා උපදෙස්

එළඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් දන්සැල සංවිධාන කිරීමට යමෙකු කටයුතු කරන්නේ නම් ඒ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් අනුමැතිය හා උපදෙස් ලබා ගන්නැයි සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දීමක් කරනු ලැබේ.
 
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ "මේ දිනවල පවතින තත්ත්වයත් සමග දන්සැල් සහ වෙසක් උත්සව පැවැත්වීම නවත්වන්න කියලා මහනායක හිමිවරුන් ඉල්ලීමක් කරලා තියෙනවා. කෙසේ නමුත් යම් කෙනෙකු දන්සැලක් පවත්වන්න සූදානමින් ඉන්නවා නම් ඔහු ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගිහින් අයදුම්පතක් අරගෙන තමන්ගේ දන්සැල දෙන ස්ථානය ලියාපදිංචි කරගන්න අවශ්‍යයි. ඒ අනුව අවශ්‍ය උපදෙස් ලැබෙයි. " යනුවෙනි. 
 
පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන දන්සැල සංවිධාන කිරීම හැකි පමණ සීමා කරන්නැයි ද ඔහු ඉල්ලීමක් කරනු ලැබීය.  

නව අදහස දක්වන්න