අල්ලාගන්නා අවි ආයුධ පෙන්වන්න එපා | දිනමිණ

අල්ලාගන්නා අවි ආයුධ පෙන්වන්න එපා

දිවයින පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලදී ආරක්ෂක අංශ විසින් සොයාගනු ලබන කඩු කිණිසි ඇතුලත් තියුණු ආයුධ සහ වෙනත් අවි ආයුධ පිළිබඳව ඇතුලත් වීඩියෝ දර්ශන විකාශය කිරීමෙන් වළකින ලෙස සියලුම මාධ්‍ය ආයතන වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව විසින්.

ඔහුගේ උපදෙස්වලට අනුව එම වැටලීම්වල වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතන සතුව තිබුණ ද රජයේ ඉල්ලීම වන්නේ ඒවා විකාශය කිරීමෙන් වැළකී සිටින ලෙසයි.

අද උදෑසන මාධ්‍ය ආයතන ප්‍රධානීන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට කැඳවූ අවස්ථාවේදී ඔහු විසින් මෙම උපදෙස් ලබාදී ඇති බව සදහන්.

නව අදහස දක්වන්න