ශ්‍රී ලංකාවේ හොඳම සමූහ සන්නාම අතරට Ambeon | දිනමිණ

ශ්‍රී ලංකාවේ හොඳම සමූහ සන්නාම අතරට Ambeon

මූල්‍ය සේවා, නිෂ්පාදන, දේපළ වෙළෙඳාම, තාක්ෂණික හා උපායමාර්ගික ආයෝජන ක්ෂේත්‍රවල සිය වෙළෙඳපොළ ආධිපත්‍ය තහවුරු කර තිබෙන මෙරට මධ්‍ය ප්‍රමාණයේ සමාගම් සමූහයක් වන Ambeon Holdings PLC හි ආයතනික සන්නාමය වන Ambeon සන්නාමය පසුගියදා Brand Finance විසින් සකස් කරනු ලබන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාගම් සමූහ 20 අතරට පැමිණීමට සමත් වී ඇත.

සමූහයේ ව්‍යාපාරික දර්ශනය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් තාක්ෂණය කේන්ද්‍රකර ගත්, ගතික දර්ශනයක් සමූහය විසින් පවත්වාගෙන යනු ලබයි. ලාභදායීත්වයට පත්වීමට ඉඩප්‍රස්ථා අවම ව්‍යාපාර, ලාභදායී ව්‍යාපාර ලෙස පරිවර්තනය කොට විවිධ වූ සමාගමේ කොටස්කරුවන් වෙත තිරසාර ප්‍රතිලාභ අත්පත් කර දීමට අද වන විට Ambeon කටයුතු කරනු ලැබේ.

Ambeon සමූහයේ උපත හා පරිවර්තනීය ගමන්මඟ පිළිබඳ අදහස් දක්වමින් Ambeon Capital PLC හා Ambeon Holdings PLC හි සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී මුරලි ප්‍රකාශ් මහතා කියා සිටියේ, “පසුගිය වසරේ මැද භාගයේ දී Ambeon හි උපත හා Ambeon සමූහයේ පරිවර්තනය පිළිබඳ අපි නිවේදනය කළා. ව්‍යාපාරය විවිධාංගීකරණය කරමින් සාමූහික යොමුව, තෝරාගන්නා ලද ආයෝජන සමඟින් කොටස්කරුවන්ගේ අගය ඉහළ දැමීම පිළිබඳව එහිදී අවධානය යොමු කෙරුණා.

කෙටිකාලයක් තුළ දී වෙළෙඳපොළ ආධිපත්‍ය, සීමාරහිත විභවයන් හා මව් සමාගම වන Ambeon Capital හි මූල්‍ය ශක්තිය මගින් සවිබලගැන්වුණු එය තීක්ෂණ, කඩිසර හා දුරදක්නා නුවණකින් යුතුව කටයුතු කරනු ලබනවා. විවිධාංගීකරණය කරන ලද නිෂ්පාදිත හා සේවාවන්, ශක්තිමත් ලෙසින් ගෝලීයකරණය වූ දේශීය සන්නාම, ප්‍රමුඛතම තාක්ෂණය හා නව්‍යකරණයේ වේදිකාවන්, නව ව්‍යාපාර, වෙළෙඳපොළ හා කලාප වෙත පා තැබීම හරහා මෙසේ කෙටිකලක් තුළ මේසා විශාල ගමනක් ඒමට සමත්වුණා.“ යනුවෙනි.

 

නව අදහස දක්වන්න