Zilingo ශ්‍රී ලංකාව ගැන වැඩි අවධානයක් | දිනමිණ

Zilingo ශ්‍රී ලංකාව ගැන වැඩි අවධානයක්

ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන වෙළෙඳපොල වන Zilingo මෑත කාලීන මූල්‍ය ගනුදෙනු තුළින් ඇමරිකානු ඩොලර් මිලියන 226ක මුදලක් ඉහළ නංවා ගැනීමට සමත්ව ඇති අතර එහි සම්පූර්ණ අරමුදල් ලෙස සමාගම ඩොලර් මිලියන 308ක අගයක් වාර්තා කරනු ලැබීය. ඔවුන්ගේ ව්‍යාපාර තව දුරටත් ව්‍යාප්ත කරමින් එහි උපාය මාර්ගික වර්ධනය වෙනුවෙන් මේ වන විට ආසියානු කලාපයේ අනෙකුත් ප්‍රධාන වෙළෙඳපොලවල් අතරට ශ්‍රී ලංකාවද එක්කර ගැනීම දෙස ඔවුන්ගේ අවධානය යොමු කර ඇත.

මෙම නවතම අරමුදල් රැස්කිරීමේ ක්‍රියාවලියේදී ප්‍රධාන අයෝජකයන් ලෙස Sequoia Capital, Temasek Holdings, Burda Principal Investments, Sofina, Singapore investment fund EDBIයන ආයෝජකයන් ද එක් වනු ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ Sequoia Capital (India) Singaporeහි කළමනාකාර අධ්‍යක්ෂ ශයිලේන්ද්‍ර සිංග් මහතාZilingo හි ප්‍රධාන විධායක නිළධානි අන්කිති සහ කණ්ඩායම විලාසිතා වලට කැමති පාරිභෝගිකයන්, වෙළෙන්දන්, සන්නාම, සහ නිෂ්පාදකයන් සඳහා ඩොලර් බිලියන ගණනක වෙළෙඳපොලක් ලබා දීමට වේදිකාවක් ගොඩ නගමින් Zilingoපිළිබඳව ඔවුන්ගේ අදහස් ඉතා ඉක්මණින් බෙදා හදා ගැනීමට කටයුතු කළා. මේ ආකාරයේ සැළසුම් ඉදිරිපත් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ ඔවුන්ගේ කණ්ඩායමේ හැකියාවන් පිළිබඳව ඇත්තටම පුදුමයට පත් වුණා ඒ වගේම මේ ගමනේදී ඔවුන්ට සහයෝගයක් වීමට අපි අරමුණ කොටගෙන තිබෙනවා. යනුවෙන් පැවසීය.

නව අදහස දක්වන්න