ප්‍රතිත්‍රස්ත පනත ගැන විපක්ෂනායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි | දිනමිණ

ප්‍රතිත්‍රස්ත පනත ගැන විපක්ෂනායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

ධනුෂ්ක ගොඩකුඹුර

ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පෙරේදා (08දා) ඉල්ලීමක් කර තිබේ.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් සමාජයේ සෑම අංශයකින්ම විරෝධය එල්ල වෙමින් පවතින බවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක් මේ ගැන දැඩි විරෝධය පළ කර ඇති බවත් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

එබැවින් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන යෝජිත පනත පිළිබඳ පුළුල් අධ්‍යනයක් සහ විමර්ශනයක් කිරීමට ඉඩ සැලසෙන සේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසට රාජපක්ෂ මහතා ඉල්ලා තිබේ.

නව අදහස දක්වන්න