මැදිරිගිරිය සිවිල් බළකායෙන් නව නිවෙසක් | දිනමිණ

මැදිරිගිරිය සිවිල් බළකායෙන් නව නිවෙසක්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ අංක 09 ගල්කැටිදමන පුලස්තිගම ලිපිනයේ පදිංචිව සිටින ඩී. ආර්. සදලි (18) සහ ඩී.ආර්. මහේෂ් කුමාර (15) දරුවන් දෙදෙනාට උපතින්ම සුවකළ නොහැකි රෝගී තත්ත්වයන් කිපයක් හෙතුවෙන් එක්තැන් වි සිටිති. එම අසරණ පවුල වෙනුවෙන් මැදිරිගිරිය සිවිල් ආරක්ෂක බළකායේ අණ දෙන නිලධාරි ලුතිතන් කර්නල් හරෙන් විරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම බළකායේ නිලධාරින්ගේ පෞද්ගලික දායකත්වයෙන් නව නිවෙසක් තනා දිම සදහා ඉකුත් දා මුල්ගල් තැබිම සිදු කළේය. සදලි සහ මහේෂ් යන දරුවන් දෙදෙනාගේමවුපියන් හට ස්ථිර රැකියාවක් නොමැති අතර එදිනෙදා කුලි වැඩක් කර මේ රෝගි දරු දෙදෙනා රැකබලා ගන්නා බව මවුපියෝ පවසති. මේ දරුවන්ගේ මව වන එම්. කේ. රම්‍යලතා මෙසේ කීවාය. මේ දරුවෝ දෙන්නාගෙන් දුව වැඩිමහල්. දැන් එයාට වයස 18ක් වෙනවා. පුතාට 15යි. දෙන්නාටම අවුරුදු 5ක් විතර වෙනකොට එක එක ලෙඩ එන්න පටන් ගත්තා. මුලින්ම ඇස් පේන්නැතුව ගියා. ඊට පස්සේ අවිදින්න බැරුව ගියා. දැන් දෙන්නාටම ඇවිදින්න බැ. රෝද පුටුවල තමයි ඉන්නේ දෙන්නා බලා ගන්න වෙනම එක්කෙනෙක් ඉන්නවා. අපිට ස්ථිර රැකියාවක් නැ කුලි වැඩ තමයි කරන්නේ. මේ දෙන්නාට ලොකු මුදලක් වියදම් වෙනවා. පන්සලේ හාමුදුරුවෝ දරුවෝ වෙනුවෙන් ලොකු කැපකිරිමක් කරනවා උදව් කරනවා. නමුත් අපට ගෙයක් හදා ගන්න වත්කමක් නැ. ඒ නිසා සිවිල් ආරක්ෂක එකේ ලොකු මහත්තයා අපට ගෙයක් දැන් හදලා දෙන්න යන්නේ ඒ අයට ගොඩාක් පින්. ශ්‍රී ශක්‍ය බිම්බාරමයේ විහාරාධිපති යටිහලගල උපතිස්ස නාහිමිගේ උපකාර අනුශාසනා මැද මැදිරිගිරිය සිවිල් ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් හරෙන් විරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම බළකායේ නිලධාරින්ගේ පෞද්ගලික සහයෝගයෙන් මේ රෝගි දරුපවුල වෙනුවෙන් මේ නිවෙස ඉදිකර දිමට නියමිත බව මැදිරිගිරිය සිවිල් ආරක්ෂක බළකා මුලස්ථානය කියයි.

මැදිරිගිරිය සමුහ--ඩබ්ලිව් ඒ පියතිලක


නව අදහස දක්වන්න