මාතර වෙසක් තොරණ හා දන්සල් නෑ | දිනමිණ

මාතර වෙසක් තොරණ හා දන්සල් නෑ

ජයසිරි පේදුරුආරච්චි

සැරැසිලි හා අ‍ාලෝක පූජාවට මුල් තැන

මාතර දිස්ත්‍රික්කයේ වෙසක් තොරණ, දන්සැල් නොපැවැත්වීමටත් නිවාස, මාර්ග හා වෙහෙර විහාරස්ථාන වෙසක් සැරසිලි හා ආලෝක පූජාවන්ගෙන් බැබලවීමටත් තීරණය කළ බව මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පරදූවේ ජිනරතන නා හිමියෝ පවසති.

වෙසක් සැරසිලි සිදුකිරීමේදී වෙළදපොළින් මිලදී ගන්නා කෘතීම වෙසක් පහන් කූඩු වෙනුවට පැරැන්නන් සිදුකළා සේ තම නිවසේදීම වෙසක් පහන් කූඩු සකසා ගන්නා ලෙසත් එයට පොලිතීන් භාවිත නොකරන ලෙසත් නාහිමියෝ ඉල්ලා සිටිති. වෙසක් උත්සවය මහ ඉහළින් සැමරීම සඳහා තොරණ, දන්සැල් අත්‍යාවශ්‍ය නොවන අතර ජනතාවට, රටට ලෝකයට හැඟෙන දැනෙන ලෙස සරල ලෙසින් මෙය සැමරිය හැකි බවත් ජිනරතන නාහිමියෝ පෙන්වා දෙති.

පසුගිය 08 වැනි දින සවස මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ රැස්වීම අමතමින් නාහිමියෝ වැඩිදුරටත් පෙන්වා දුන්නේ රටේ ඇතිවී තිබෙන තත්ත්වයෙන් මිදීමට මහා සංඝරත්නය වශයෙන් විශාල කාර්යභාරයක් සිදුකළ හැකි බවයි.

නව අදහස දක්වන්න