බුද්ධි තොරතුරු හුවමාරුවෙන් ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීමට අවස්ථාව ලැබෙනවා | දිනමිණ

බුද්ධි තොරතුරු හුවමාරුවෙන් ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීමට අවස්ථාව ලැබෙනවා

ධනුෂ්ක ගොඩකුඹුර
ඇමරිකානු තානාපති ඇලිනා බී ටෙප්ලිට්ස් මහත්මිය විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විජේරාම නිල නිවසේදි පෙරේදා (10) හමු වූ අවස්ථාව.

මිත්‍ර රටවල් අතර බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමෙන් එම රටවල ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීමට හැකි බව ඇමරිකානු තානාපතිනි ඇලිනා බී ටෙප්ලිට්ස් මහත්මිය ප්‍රකාශ කළාය.

2001 සැප්තැම්බර් මස දී තම රටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් මිත්‍ර රටවල් සමඟ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම තුළින් තම රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කර ගැනීමට හැකි වූ බව ද ප්‍රකාශ කළාය.

තානාපතිවරිය මෙම අදහස් පළ කළේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විජේරාම නිල නිවසේදි පෙරේදා (10) හමු වූ අවස්ථාවේදිය.

පසුගිය පාස්කු ඉරුදින සිදු වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය ගැන අමෙරිකානු රජයේ කණගාටුව පළ කළ තානාපතිවරිය මෙම අවස්ථාවේදි ශ්‍රී ලංකා රජයට අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට තම රට සූදානම් බව පැවැසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, ඩී වී චානක, හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න