පුපුරණ ද්‍රව්‍ය ගැන දැනුම් දෙන්න දින 03ක කාලයක් | දිනමිණ

පුපුරණ ද්‍රව්‍ය ගැන දැනුම් දෙන්න දින 03ක කාලයක්

බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයකින් නීති විරෝධි පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින පුද්ගලයින්ට ඒ පිළිබඳව ළඟම පිහිටි පොලිස්ථානයට දැනුම්දීම සඳහා අවස්ථාව ලබාදීමට පොලීසිය පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ, අද පෙරවරු 06.00 සිට 14 වැනි දා පෙරවරු 06.00 දක්වා දිනක් තුනක් ඒ සඳහා අවස්ථාව හිමිවන බවයි.

එහිදී බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයකින් පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින තැනැත්තන්ට එම පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව ළඟම පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දිය හැකි වේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, අනතුරුව පොලීසිය එම ස්ථානයට ගොස් අදාළ පුපුරණ ද්‍රව්‍ය පොලීසිය භාරයට ගැනෙන අතර ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලුම පොලිස්ථාන දැනුවත් කර ඇති බවයි.

අදාළ නිවේදනය පහත පරිදි දැක්වේ...


නව අදහස දක්වන්න